Author: VNews

රාජ්‍ය වැවිලි සංස්ථාව සතු අතිරික්ත ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා කොළඹදි මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා රජය කිසිවිටක ඉඩම් විකිණිමක් සිදුනොකරන බවත් ඉඩම් බදු දීම පමණක් සිදුකරන බවත් රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා වොයිස් කට් – රංජිත් සියඹලාපිටිය

තව කියවන්​න

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පිහිටි නිවසක ඇති වූ ගින්නකින් ඉන්දියානු සම්භවයක් ඇති යුවලක් සහ ඔවුන්ගේ දියණිය මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සම්පුර්ණයෙන් පිළිස්සී තිබූ මළ සිරුරු ඊයේ හදුනා ගත් බවයි. පසුගිය 7 වැනිදා මෙම සිද්ධිය සිදුව ඇති අතර මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි රජිව් වාරිකෝ, ඔහුගේ බිරිඳ 47 හැවිරිදි ශිල්පා කෝතා සහ ඔවුන්ගේ 16 හැවිරිදි දියණිය මහෙක් වාරිකෝ යන අයයි. මෙය නේවාසික ගින්නක් ලෙස වාර්තා වූ නමුත් මූලික විමර්ශනවලින් පසුව පොලිසිය පැවසුවේ ගින්න අහම්බයක් නොව ”සැක සහිත” ගින්නක් වන බවයි. මෙම පවුලේ සාමාජිකයින් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බවත්, තොරතුරු දන්නා ඕනෑම අයෙකු ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටින…

තව කියවන්​න

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු අතුළු පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා . පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 08 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක් මෙලෙස ස්ථාන මාරු කර ඇති බවයි . අපරාධ හා රථවාහන දිසාව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරුමැද පළාතටත්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ එස්. සී . මැදවත්ත මහතා පුහුණු හා උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරුක්‍ර යවා තිබෙනවා . ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ කටයතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.…

තව කියවන්​න

2026 වසරේ සිට සාමන්‍ය පෙළ විභාගයේ සංශෝධන කිහිපයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා අමාත්‍යවරයා පැවසුවේ සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා කිරීමට සැලසුම් කර ඇති බවයි එමෙන්ම 2026 වසරේ සිට සාමාන්‍ය විභාගය සදහා ඒ බී සී යනුවෙන් කුෂලතා සාමාර්ථ ලබා දීම අහෝසි කරන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළා ඒ වෙනුවට සෑම සිසුවෙකුටම කාර්ය සාධක ලකුණක් ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බව සදහන් . මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . වයඹ, උතුරු-මැද, නැගෙනහිර, පළාත් සහ කොළඹ, ගම්පහ මෙණරාගල, මන්නාරම, මුලතිව්, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය…

තව කියවන්​න

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා . ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියාසිටියා . එහිදී ඔහු සඳහන් කළේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියත වශයෙන් ජයගන්නා බවයි . තවමත් එම අපේක්ෂක්‍යා කවුරුන්ද යන්න නම් කර නොමැති බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. වොයිස් කට් -මහින්ද රාජපක්ෂ

තව කියවන්​න

ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසවන්ත ප්‍රමුඛ නාමය දිනාගත් වැලිබල් ෆිනෑන්ස් හි 65 වන ශාඛාව අද අංක 9, දෙහිවල පාර, බොරලැස්ගමුව මංසන්ධියේදී විවෘත කෙරුණා. මෙම උත්සව අවස්ථාව සදහා වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතා, ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රොෂාන් තෙන්නකෝන් මහතා, විධායක අධ්‍යක්ෂ සිසිර වීරබාහු මහතා ඇතු`ඵ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියා. මේ අනුව ලීසිං පහසුකම්, ස්ථාවර තැන්පතු, රන් ණය, නිවාස ණය ඇතු`ඵ සිය`ඵ මූල්‍ය පහසුකම් ඉතා කඩිනමින් මෙම ශාඛාව හරහා සිදුකර ගත හැකියි. මේ අතර පසුගිය වසරේ වැලිබල් ෆිනෑන්ස් හි සමස්ත ආදායම බිලියන 16.7 ක් වන අතර ලබා ඇති සමස්ථ තැන්පතු ප්‍රමාණය බිලියන 57.9 ක් වනවා. එමෙන්ම බිලියන 1.72…

තව කියවන්​න

පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරනවා. තෝරාගත් ප්‍රදේශවල දැනටමත් පානීය ජල අවශ්‍යතා සපුරාලමින් සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

තව කියවන්​න

ක්‍රිකට් විනිසුරු මොරිස් එරාස්මස් එම තනතුරෙන් විශ්‍රාම ගොස් තිබෙනවා. ඒ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හී ඊයේ පැවති නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 2 වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුවයි. වසර 146ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ නියමිත වේලාවට තණතිල්ලට පැමිණ පන්දුවට පහර නොදීමේ චෝදනාව මත (Timed Out) දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු මොරිස් එරාස්මස් කටයුතු කළ ආකාරය පිළිබඳ ක්‍රිකට් ලොව මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබුවා.

තව කියවන්​න

මොරටුව පිටකොටුව මාර්ග අංක 101 පෞද්ගලික බස් රථයක පසුම්බි සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී අදාල සොරකම් කල පසුම්බියේම හිමිකරුට මෙම සොරකම සම්බන්ධයෙන් කරුණු ඔප්පු වී ඇති බව සඳහන්. මේ අනුව බස් රථයේ සිටි මගීන් අදාල කොන්දොස්තරවයා පොලීසියට භාර ද තිබෙනවා. අත්අඩංගුවට ගත සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් ඔහු මගීන්ගේ මුදල් සහ වටිනා භාණ්ඩ සොරකම් කිරීමට පෙළඹී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්බවා.

තව කියවන්​න