Author: VNews

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් බැංගලෝර් බලා අද (19) අළුයම ගුවන්ගත කළ ගුවන්යානයක් විනාඩි 40 ක පමණ කාලයකින් පසුව නැවත ගොඩබැස්සූ බව එම ගුවන්තොටුපළේ උසස් නිලධාරියෙක් පැවසීය. මගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ අද අළුයම 1.13 ට ගුවන්ගත කළ එම ගුවන්යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අළුයම 1.55ට පමණ නැවත ගොඩබැස්සූ බවත් එම නිලධාරියා කීය.

තව කියවන්​න

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා. අද දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන්කර තිබුණා. කෙසේ වෙතත් අප පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේ පාර්ලිමේන්තුව අද පෙරවරු 11.14 ට අත්හිටුවා ඉන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඉල්ලීමක් පරිදි පක්ෂ නායක රැස්වීමක් කැඳවූ බවයි. අදාළ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ අද දිනයේදී මෙන්ම එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා දින 3 ක් විවාද කොට එම අවසන් දිනයේදී සවස 4.30 ට ඊට අදාළ ඡන්දය පැවැත්වීමටයි. මේ වන විට කතානායක මහින්ද යාපා…

තව කියවන්​න

පාතාල මර්දනයට විශේෂ පොලිස් ඒකක යෙදවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් යොදවා ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ. පසුගිය දින කිහිපයේ වෙඩි තැබීම් සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වූ අතර ඒ අනුව සංවිධානාත්මක අපරාධ ක්‍රියා මර්දනය සඳහා පොලිසිය මෙම පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු අවිධිමත් ලෙස සිදුව ඇති බවට බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන් චෝදනා කර ඇති බව වාර්තා වේ. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා තාවකාලිකව මෙම ස්ථාන මාරු අවලංගු කර සුහද ස්ථාන මාරු පමණක් ක්‍රියාත්මක කරන ලෙස පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

තව කියවන්​න

වයඹ, උතුරුමැද, නැගෙනහිර යන පළාත්වලට මෙන්ම කොළඹ, ගම්පහ, රත්නපුර, මොනරාගල, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට අද (19) දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර වසරේ මේ දක්වා වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 ඊයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 මට්ටමේ පවතිනවා. නමුත් ඊයේ කුරුණෑගලින් වාර්තා වූ උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 සාමාන්‍ය සිරුරේ උෂ්ණත්වයත් අභිබවා ගොස් තිබුණා.

තව කියවන්​න

රේගු නිලධාරීන් අද)උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. රේගු නිලධාරීන්ගේ සංගමයේ, සභාපති, අමිල සංජීව මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ අද උදෑසන 9 සිට පස්වරු 4.45 දක්වා මෙම අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බවය. ඉන් අනතුරුව අතිකාලවලින් ඉවත් වන බව ද පැවසු ඒ මහතා, සාමාන්‍ය දිනකට බහාලුම් 2,000කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට වෙනදාට කටයුතු කරන බව ද පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර සිටියේ, වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් සිදුවිය නොහැකි දෙයක් බවය.

තව කියවන්​න

කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශක (ASPI) 2024 වසරේ මේ දක්වා ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක 10 අතරට ශ්‍රේණිගත වී ඇති බව Bloomberg වෙබ් අඩවි දත්ත පෙන්වා දෙනවා. ඒ එක්සත් ජනපද ඩොලර් අනුව 12.96% ක ධනාත්මක මිල ප්‍රතිලාභයක් ලැබීම හේතුවෙන්. Bloomberg දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දර්ශකය ඊයේ (18) වනවිට ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක අතර 7 වන ස්ථානයට පත්ව ඇති අතර, එය ජපන් සහ ලන්ඩන් කොටස් වෙළඳපල දර්ශකද අභිබවා ගොස් තිබෙනවා.

තව කියවන්​න

2024 යල කන්නය සඳහා වී ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එක් ගොවියෙකුට වගා කරන උපරිම හෙක්ටයාර 2ක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වූ මුදලක් මූල්‍ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිතය. එම නියමිත සහනාධාර මුදල් ගොවියන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුවම බැරකිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

තව කියවන්​න

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 160ක් මැතිවරණ ක්‍රමයට පත් කර ඉතිරි 65 ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතිකව තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නයකයින්ගේ සහ වෙනත් අදාල පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩයල වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර තිබෙනවා.

තව කියවන්​න

අද දින පාර්ලිමේන්තුව ආරම්භයේදීම පාර්ලිමේන්තුව තුළ යම් කිසි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, වවුනියාවේ හින්දු කෝවිලක පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමගයි. මේ හේතුවෙන් සභාගර්භයේ වැඩකටයුතුවලට මිනිත්තු කිහිපයක් බාධා එල්ල වුණා. එහිදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නර්මලනාදන් මහතා ඇතු`ඵ පිරිසට සිය ආසන වෙත ගොස් අදාළ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසයි. ඪදසජැ ක්‍මඑ – අගමැති – චාල්ස් මේ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ ගැට`ඵව පිළිබදව අධිකරණයේ යම් කිසි විමර්ශනයක්…

තව කියවන්​න