- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: VNews
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැය පහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ, අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින්. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළේ කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා මහනුවරදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. මෙම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා. එම තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට නියෝග කරනු ලැබුවේ. මේ,…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. එය සැකසීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක්ද පත් කර ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ. කොරෝනා හා ආර්ථික අර්බුද හේතුවෙන් පියවීමට නොහැකි වූ, ක්‍රමවත්ව ඉදිරිපත් කළ සියලු බිල්පත්වලට අදාළ ගෙවීම් මේ වන විට අවසන් කර ඇතැය ිද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
2024 පෙබරවාරි මාසය වනවිට මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439 ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2023 පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705 ක්. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙරවාරි මාස වනවිට රුපියල් මිලියන 734 ක අපනයන අආදායමේ ඉහළයාමක් පෙන්නුම් කර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසනවා. අද දින පෙරවරුවේ කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරුණා. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනසත්ව හානිය නිසා වාර්ෂිකව අහිමිවන පොල්ගෙඩි…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා. එසේ නොකරන්නේ නම් රට තුළ විශාල අර්බුදයක් ඇතිවනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
පසුගිය රජය සමයේ පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ නිර්දේශ හා සොයාගැනීම් බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඇතුළු ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.
2024 අයවැය මගින් පොරොන්දු වූ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රුපියල් 10,000 ක වැටුප් වර්ධකය අප්‍රේල් මස වැටුපට එකතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. එම මුදල අප්‍රේල් 10 ට පෙර ගෙවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ. එමෙන්ම අඩු ආදායම්ලාභින්ට සහනයක් ලෙසත් , ගොවීන්ට වී සඳහා ලබාදෙන මුදල ඉහළ නැංවීමට මග පෙන්වීමත් අරමුණු කරගෙන සිදු කරන වැඩ පිළිවෙළ අනුව අප්‍රේල් මාසයේ ලබාදෙන සහල් කිලෝ 10ක ප්‍රමාණය එම මස 10 වන දිනට පෙර ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ දින හතරක් පුරා පැවති පළමු තරගයෙන් බංග්ලදේශය ලකුණු 328කින් පරාජයට පත් කරමින්. පළමු තරගයේ දෙවෙනි ඉනිම සඳහා ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 182ක් පමණයි. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 280ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිමට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 188ක් පමණයි. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම සඳහා ලකුණු 418ක් රැස් කරනු ලැබුවා.
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථානවලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින් සහ නීතිමය බාධාවලින් තොරව එරටින් පිට වී යාම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම පොදු සමා කාළය මාර්තු 17 වනදා සිට ජූනි 17 දක්වා ක්‍රියාත්මක බවයි කුවේට් ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ වනවිට කුවේට් රාජ්‍යය තුළ දැනට වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 19,620ක්. මේ අනුව ඒ අතරින් මේ වනවිට යළි ශ්‍රී ලංකාව වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලාංකිකයන් 5,000ක පමණ පිරිසක් තම තානාපති කාර්යාලයේ…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව දකුණු පළාතේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මෙලෙස ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සදහන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සාමාජිකයින් මෙම සතිඅන්තයේ දී කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. වැදගත් තීන්දු කිහිපයක් ගැනීම සදහා එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්, විධායක කාරක සභිකයින්, ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙලෙස කැඳවන බව සදහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















