Author: VNews

භූතානය සහ ශ්‍රී ලංකාව අතර පැවති පාපන්දු තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ තුරඟ තරග පිටියේදී පැවැත්වූ ත්‍ෂත්‍් සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේදී භූතානය ගෝල 2-0 ක් ලෙස පරාජයට පත් කරමින්. එමෙන්ම 2013 වසරෙන් පසුව ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තරගයක් ජය ගත් පළමු අවස්ථාවද මෙයයි.

තව කියවන්​න

එළඹෙන මහා සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) යන දිනවලදී දේවස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක් යොදවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඒ අනුව ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාළ දේවස්ථානවල පියතුමන්ලා සහ සංවිධායකවරුන් සමඟ ඒකාබද්ධව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙසට සියලුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

අත්අකුරින් ලියූ ලොව විශාලතම ශුද්ධ වූ කුරානය පිළිබඳ වාර්තා යළිත් අලුත් කිරීමට ඉන්දියාවේ රාජස්ථානයේ ව්‍යාපාරිකයෙකු සමත්ව තිබෙනවා. අක්ෂර වින්‍යාසය පිළිබඳ ප්‍රවීණයෙකු වන මවුලානා ජමීල් අහමඩ් විසින් එය අත්අකුරින් අක්ෂරකරණය කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ . රාජස්ථානයේ චිත⁣ගෝර්හි ධනවත් ව්‍යාපාරිකයෙකු වන හජි ෂයර් ඛාන්ගේ සංකල්පයක් මත ඇරඹි මෙම දැවැන්ත කාර්යය සඳහා දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ඇති බවද සඳහන්. වසර දෙකක කාලයක් ගත කර අත්අකුරින් ලියූ මෙම දැවැන්ත ශුද්ධ වූ කුරානය කිලෝග්‍රෑම් 260ක බරකින් යුතු අතර එය ලොව බරින් වැඩිම කුරානය ලෙසයි සැලකෙන්නේ.

තව කියවන්​න

2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයාව ලෙස සිටියදී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල් භාවිතා කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන මෙම නඩුව ඉදිරියටත් පවත්වාගෙන යාමටයි මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අවසර ලබා දුන්නේ. අනතුරුව නඩු විභාගය ජූලි මස 22 වනදා පැවැත්වීමටද දින නියම වුණා.

තව කියවන්​න

භාණ්ඩ 64ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම බද්ද ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති විවිධ ගැටලු හේතුවෙන් පනත අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ජාතික අවම වැටුප් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500 ලෙස නියම වී තිබූ අතර එය 17,500 දක්වා වැඩි කිරීම සඳහා මෙසේ අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩ කෙරෙනු ඇති.

තව කියවන්​න

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දකුණු පළාතේත් අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවඳ සඳහන්.

තව කියවන්​න

පලස්තීන ජාතිකයන් 7000 කට අධික පිරිසක් නිදහස් කිරීමට ඊශ්‍රායලය සූදානම් වනවා. හමාස් සංවිධානය රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 40 දෙනෙකු වෙනුවෙන් හුවමාරු කර ගැනීම සඳහායි මෙම පිරිස නිදහස් කෙරෙන්නේ. හමාස් සංවිධානය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැහැ. මෙය සාර්ථක වුවහොත් එය ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඇති විය හැකි සටන් විරාම ගිවිසුමේ කොටසක් ද වනු ඇති. ඊශ්‍රායල පලස්තීන ගැටුම් ඇති වී දැනට මාස 5ක් පමණ වනවා.

තව කියවන්​න

ගුරු වැටුප් විෂමතාවය සදහා විසදුමක් ලබානොදුනහොත් සමස්ත පාසල් පද්ධතිය ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සදහා ගුරු වෘත්තිය සමිති කිහිපයක් සමග මුදල් අමාත්‍යංශයට අද පැමිණි අවස්ථාවේදියි. ගුරු වැටුප් විෂමතාවයේ ඉතිරි තුනෙන් දෙකක වැටුප් කොටස ලබාගැනීම, විභාග ඇගයීම් ගාස්තු වැඩිකිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනුයි ගුරු වෘත්තිය සමිති කිහිපයක් සාකච්ඡාවක් සදහා අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශය වෙත පැමිණ සිටියේ. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ලංකා ගුරු සංගමයේ සාමාජිකයින් දැක්වූ අදහස්.

තව කියවන්​න