Author: VNews

මත්පැන් මිල පහළ දමන බවට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එවැනි මිල සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් හෝ උපදෙස් ලබාදීමක් සිදුකර නොමැති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. එළඹෙන උත්සව සමය නිමිත්තෙන් මත්පැන් මිල පහළ දමන බවට පසුගිය දින කිහිපයේ ප්‍රවෘත්ති පළ වී තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමිනුයි සුරාබදු දෙපාර්තමේන්තුව මේ බව අවධාරණය කර ඇත්තේ.

තව කියවන්​න

කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එක්වරම ගිනි ඇවිලීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙලෙස ගිනි ඇවිලී ඇත්තේ මාදම්පේ සිට ගම්පොළ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් ගින්න හේතුවෙන් බස් රථයට හානි සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබුණි. පසුව කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයෙන් පැමිණ ගින්න සමපූර්ණයෙන්ම නිවා දමා ඇත.

තව කියවන්​න

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව කියා සිටියා. මේ හේතුවෙන් සිදුකළ වැටලීම්වලදී සම්බාහන මධ්‍යස්ථාන 53 ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒවායේ නිරතව සිටි කාන්තාවන් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙසත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන මැයි මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා . මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා . එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව තවත් රිට් පෙත්සමක් දෙකක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව පවසනු ලැබුවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් (SME) නංවාලීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු මිලියන 100ක ආධාර ලැබෙන බව ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කළා. මෙම ණය මුදල ලබා ගැනීමේ ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර අත්සන් තැබීම අද (26)කොළඹ මහා භාණ්ඩාගාරයේ දී සිදු වුණා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අත්සන් කර තිබෙනවා.

තව කියවන්​න

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සදහන්. දකුණු පළාතේත් අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ . මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත්‘ ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

කිසිදු වර්ගීකරණයකින් තොරව හතලිස් එක් ලක්ෂයක් වන සමස්ත පාසැල් දූ දරුවන්ටම මෙම වසර අවසන් වීමට පෙර පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, තංගල්ලේ පැවති උත්සවයකට එක්වෙමින්. සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 134 වැනි අදියරය යටතේ හම්බන්තොට, තංගල්ල කොටවාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

තව කියවන්​න

ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කලේ එකඟ වූ පරිදි නිල ඇඳුම් දීමනාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි. මාර්තු මාසයේ සිට හෙද කාර්ය මණ්ඩල නිල ඇඳුම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරන බවට මීට පෙර රජය පොරොන්දු වූ බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

ඇමරිකාවේ බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටුණු අනතුර සිදුකළ බහලුම් ප්‍රවාහන නෞකාව ලබන මස 22 වනදා කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පැටපිස්කෝ ගංඟාව හරහා ඉදිකර ඇති පාලමේ කණුවක නෞකාව ගැටීමෙන් පසු පාලම කඩාවැටුනු අතර, ඒ මතින් ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් ගඟට වැටී තිබුණා. එහිදී අතුරුදන්වූ බව කියන 20 කට වැඩි පිරිසක් සොයා දැනට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ. නෞකාව අනතුරට ලක්වන විට බැල්ටිමෝර් වරාය ආසන්න ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට ත් අඩු මට්ටමක පැවති බව සඳහන්.

තව කියවන්​න

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඒ සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බවයි. ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තිබීම නීතියෙන් තහනම් වනවා. එමෙන්ම අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් මාකා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

තව කියවන්​න