- විගමණික දූදරු ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් 15
- මාරක අනතුරුවලින් ජීවිත පහක් නැති වෙයි
- ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
- නේපාල – ශ්‍රී ලංකා ගුවන් ගමන් යලි ඇරඹෙයි
- ජනපති සහ නව වාණිජ මණ්ඩල නිලධාරින් අතර හමුවක්
- හිටපු ජනපති මහින්ද තංගල්ලට – VIDEO –
- පාසල් ළමුන් ප්‍රවාහනකරුවන් හෙට ගාලුමුවදොරට – VIDEO –
- බස් වල තොරණ් ගලවන්න එකඟතාවයක් ! – VIDEO –
Author: VNews
යාපනය පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලක පැවති වෙන්දේසියක දී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වී තිබේ. ඓතිහාසික පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලේ තීර්ථ මංගල්‍යයේ ඊයේ පැවැති අතර, මේ සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී ඇත. එහිදී දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ සාරියක් වෙන්දේසි කළ අතර, එම උත්සවය සඳහා පැමිණ සිටි කාන්තාවක් එම සාරිය රුපියල් ලක්ෂ 16ක මුදලකට මිල දී ගැනීම විශේෂත්වයකි.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල මරදානේ දී පැවැත්වීමට තීරණය කර තිබේ. ලක්ෂයක ජන සහභාගීත්වයකින් මෙවර මැයි දිනය මරදානේදි පවත්වන බව එම පක්ෂ සදහන් කරයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.
ටෙස්ලා අධිපති එලෝන් මස්ක් උඩඟු ප්‍රකෝටිපතියෙක් බවටඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා. පසුගියදා සිදුවූ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ප්‍රහාරයේ පිහි ඇනුම පිළිබඳ වීඩියෝ දර්ශන එලෝන් මස්ක්ට අයත් එක්ස් සමාජ මාධ්‍යයෙන් ඉවත් කරන ලෙස ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ කොමසාරිස්වරිය වන ඉන්මන් ග්‍රාන්ට් නියෝග කර තිබුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් එලෝන් මස්ක් පියවරක් ගෙන තිබුණේ නැහැ.
නලින් බංඩාර විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් සහෝදරවරු පැන ගොස්, නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග කර ඇති බවත්, මැයි මාසය තුළ මේ විවාද දෙකටම සමගි ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායාකවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ අද හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබෙනවා. හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු මස 31 වෙනි දින දක්වායි ක්‍රියාත්මක වී තිබුණේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත් වී තිබෙනවා. ඇය දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තුන්වන එක්දින තරගයේදී නොදැවී ලකුණු 195 ක් රැස්කර තිබෙනවා.
මැයි 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය බත්තරමුල්ල, “සුහුරුපාය” නව පරිශ්‍රය වෙත ගෙන යාමට නියමිතයි. ඒ අනුව කොළඹ කොන්සියුලර් කටයුතු අංශය මගින් සපයනු ලබන ලිපි ලේඛන සත්‍යාපන සේවාවන් එළඹෙන අප්‍රේල් 29 සහ 30 යන දිනවල දී මහජනතාව සඳහා තාවකාලිකව අත්හිටුවනු ලැබෙනවා
පවතින වියළි කාලගුණයත් සමඟ වෙළඳපොළේ තැඹිලි ගෙඩියක මිල රුපියල් 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තැඹිලි සඳහා පවතින ඉල්ලුම ඊට හේතු වී ඇති බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කළේ.
දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ පැවැත්වීමට තිබූ ඉදිරි තරග සියල්ල ම ද අත්හිටුවීමටයි සංවිධායකයන් කටයුතු කර ඇත්තේ.
දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා . මෙම අනතුරින් මිය ගිය පිරිස අතර විදේශිකයෙකු, කුඩා දරුවෙකු සහ ට්‍රැක් මාෂල්වරු සිව් දෙනෙක් ද සිටින බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව තරගාවලියේ ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා කලින් සඳහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222