- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
Author: VNews
බැංකු ණය වාරික ඉහළ යාම මෙන්ම ජල හා විදුලි ගාස්තු වැඩිවීම හමුවේ සිය කර්මාන්තය පවත්වාගෙන යෑමේ අර්බුදයක් මතුව ඇතැයි සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා. ඔවුන් චෝදනා කරන්නේ මෙම තත්ත්වය හමුවේ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමට නොහැකි වුවහොත් විදෙස් සංචාරකයින් වෙනත් රටවලට යෑමේ ප්‍රවණතාවයක් මතුවිය හැකි බවයි. රට තුළ පැවති අර්බුදකාරි තත්ත්වය හමුවේ කඩා වැටුණු සංචාරක කර්මාන්තය මේ වන විට යළිත් හිස ඔසවමින් පවතිනවා.
පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත බාරදී තිබෙනවා. පොලිස් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසදුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබුවා.
රුපියල් මිලියන 130,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 30 වනදා සිදු කෙරෙනවා. මහ බැංකුව පැවසුවේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 25,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.
මොරොක්කෝවේ මේ වනවිට පැවැත්වෙන 2024 ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී එෆ් 44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්වී තිබෙනවා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 65.57 ක්.
20යි 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලකුණු 94ක් ලබාගත්තේය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුර සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
රුපියල ශක්තිමත්වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. කෙසේ වෙතත් විනිමය අනුපාතය වෙළඳ පොල ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන බවට අවබෝධ කරගැනීම වැදගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුවී තිබේ. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ඊයේ (26) අදාළ හමුව සිදුවී තිබුණි.
පිළිකා රෝගයට ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු චාල්ස් රජු නැවත ලබන සතියේ සිට රාජකාරි ආරම්භ කිරීමට සැරසෙනවා. පිළිකා රෝගය සඳහා ලබාගත් ප්‍රතිකාර වල ප්‍රගතිය හේතුවෙන් චාල්ස් රජු ලබන සතියේ සිට නැවතත් මහජන කටයුතු ආරම්භ කරන බව බකිංහැම් මාලිගය නිවේදනය කළා. කෙසේ වෙතත් එය රජුගේ නිල කටයුතුවලට සම්පූර්ණයෙන් පැමිණීමක් නොවනු ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ ප්‍රදේශ රැසකට අද පස්වරු 5.00 සිට පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 5 සහ 6, දෙහිවල , ගල්කිස්ස , මොරටුව නගර සභා බල ප්‍රදේශ , ජයන්තිපුර හා පැලවත්ත ප්‍රදේශවලට අද පස්වරු 5 සිට පසුදින පෙරවරු 7.00 දක්වා පැය 14ක් ජල සැපයුම අත්හිටුවනු ඇති. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















