Author: VNews

ජාත්‍යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. අද  පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

තව කියවන්​න

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ගාසාවේ සිවිල් ආරක්‍ෂක අංශය පවසන්නේ රෝහල් තුළ සිදු විය හැකි ඊශ්‍රායල යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. නසාර් රෝහල අසල සමූහ මිනීවළකින් සිරුරු සිය ගණනක් ගොඩගැනීමත් සමඟයි මේ පිළිබඳ අවධානය යොමුව ඇත්තේ. ගාසා තීරයේ මිලියනයකට වඩා වැඩි පිරිසක් මේ වන විට අවතැන්ව සිටිනවා.

තව කියවන්​න

දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු ඇමතිනි යෝකෝ කමිකාවා ලබන මස මුල දිවයිනට පැමිණීමට නියමිතයි. ආරංචි මාර්ග සඳහන් කළේ ඇය මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි. එමෙන්ම ඇය කොළඹ වරායද නිරීක්ෂණය කිරීමට එක්වනු ඇති.

තව කියවන්​න

මෙරට අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු‍ නිරාකරණය සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අපනයකරුවන්ගේ ජාතික මණ්ඩල සභා රැස්වීමට කොළඹදී ඊයේ (22) එක්වෙමින්. එහිදී අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා වූ සමගි ජනබලවේගයේ සැලැස්මද විපක්ෂ නායකවරයා විසින් එම සභාවට ඉදිරිපත් කළා.

තව කියවන්​න

ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දිනැතිව පවත්වන ලද තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ 2024 අපේ‍්‍රල් 29 සිට මැයි 09 දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වෙනවා. සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයයේ වෙබ් අඩවියේ පළ කර ඇති බවයි අමාත්‍යාංශය නිවේදනය කරන්නේ

තව කියවන්​න

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය.

තව කියවන්​න

ලංකා විදුලි සේවක සංගමය මගින් හෙට පොල්දූව වටරවුම ආශ්‍රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. පොලීසිය පවසන්නේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරකට අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බවය.

තව කියවන්​න

පොත් කියවීමේ ප්‍රීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක පොත් දිනය සහ ප්‍රකාශන හිමිකම් දිනය අදට යෙදී තිබේ. මෙවර ජාත්‍යන්තර පොත් සහ ප්‍රකාශන හිමිකම් දිනයේ තේමාව වන්නේ ‘ඔබේ මාර්ගය කියවන්න’ යන්නයි. මෙම තේමාව තුළින් කියවීම සඳහා ආශාවක් වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරන අතර පොත් සමඟ සම්බන්ධ වීමට ක්‍රම සොයා ගැනීමට එය සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් දිරිමත් කිරීමක් සිදු කරනු ලැබේ.

තව කියවන්​න

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මුද්‍රා සහ තාවකලික රියැදුරු බලපත්වලට ඇලවීමට ගන්නා ස්ටිකර්වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග තරුණියක් සමග පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ අද  බදුල්ල ප්‍රදේශයේදි බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැවිරිදි සැකකාරියක් වේ.

තව කියවන්​න

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ. මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පැවසුවේය. අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය

තව කියවන්​න