
නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය විසින් යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව, මේ වන විට නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 109 ක් බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින අතර ඕනෑම අවස්ථාවක ඔවුන්ට සහාය ලබාදීමට නේපාලයේ කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවදානයෙන් පසුවන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.













