Author: VNews

රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ආරම්භ කළ විශේෂ ඒකකයට දුරකථන ඇමතුම් 77ක් ලැබී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා . පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විශේෂ ඒකකය ආරම්භ කළ අතර පැය 36ක පමණ කාලයක් ඇතුළත මෙලෙස දුරකථන ඇමතුම් ලැබී තිබීම විශේෂත්වයක් බව එම අමාත්‍යංශය පවසනවා

තව කියවන්​න

පාර්ලිමේන්තුව ලබන 13 සහ 14 යන දිනවල රැස්වීමට නියමිතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ. අනිද්දා පාර්ලිමේන්තු රැස්වන අවස්ථාවේදී ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, සුරාබදු ආඥා පනත යටතේ නිවේදන, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය පනත යටතේ රෙගුලාසි ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ සිදුකෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කර තිබු මෙම උත්සවයට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිදු හසරංග ඇතුළු ක්‍රිඩකයින් කිහිපදෙනෙකු ද එක්ව සිටියා. පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ජුනි මාසයේදී ආරම්භවීමට නියමිතයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් ක්‍රිඩාංගනවලයි.

තව කියවන්​න

රුසියානු – යුක්රේන යුද පිටියේදී තවත් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු මියගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය මේ බව තහවුරු කළා. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ මෙරට හිටපු හමුදා සාමාජිකයින් 08 දෙනෙකු රුසියා – යුක්රේන යුද්ධයේදී මියගොස් ඇති බවයි. කෙසේවෙතත් මේ වන විටත් යුද්ධයට සම්බන්ධවු ශ්‍රී ලාංකිකයින් 50ක් පමණ අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙ උෂ්ණත්වය අද දිවා කාලයේ පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වල මෙලෙස උණුසුම ඉහළ යා හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. මේ අතර අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

තව කියවන්​න

අහුංගල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අහුංගල්ල මරදාන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා. වෙඩි ප්‍රහාරයට ලක්වු 54 හැවිරිදි පුද්ගයෙකු බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කළ අතර එහි ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. අහුංගල්ල ප්‍රදේශයේ මීට පෙර ද වෙඩි තැබීම් කිහිපයක් වාර්තා වී තිබුණා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරි තත්ත්වය පිළිබදවයි මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ. අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම දිගින් දිගටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය කනස්සල්ලට පත්වන බව මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාට දැනම් දී තිබෙනවා.

තව කියවන්​න

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. අමෙරිකානු තානාපති කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. මෙහිදී දෙරට අතර ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මේ වන විට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබද දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලුම ක්‍රිඩකයින්ගේ ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් සදහා තරග ගාස්තුව සියයට සියයකින් වැඩි කළ බවයි. එමෙන්ම එක්දින ජාත්‍යන්තර තරග සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සදහා ක්‍රිඩකයින්ට අදාළ ගෙවී සියයට 25කින් ඉහළ දමා තිබෙනවා. මෙලෙස ගාස්තු වැඩි කිරීමට අදාළව ක්‍රිඩකයින් 41 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තව කියවන්​න

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලි අනුපාත සම්බන්ධයෙන් පැහැදිලි විශ්ලේෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම් සදහා වර්ෂයකට රුපියල් බිලියන 80ක් පමණ අවශ්‍ය වන බවයි. මීට පෙර ඒ සදහා ලබා දුන් මුදල් සදහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක මුදලක් ගෙවීමට ඇති බව ද රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා. ඒ අනුව රටතුළ මේ වන විට පවතින මුදල් ප්‍රවාහ පිළිබද සැලකිලිමත් වෙමින් පැහැදිලි වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබා දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.

තව කියවන්​න