Author: VNews

දේශපාලනයේ දී ගන්න තීරණ රෝග ක්ෂය රෝගය වැනි දෙයක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනරැලියකට එක්වෙමින් . වොයිස් කට් -මනුෂ

තව කියවන්​න

එඩේරමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගලකදී සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයෙකු සහ ඔහුගේ දියණිය මියගොස් තිබෙනවා.

තව කියවන්​න

හජ් උත්සවය සැමරීම පිළිබද කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, නව සඳ දර්ශනය වී ඇති බැවින් මෙරට මුස්ලිම් ප්‍රජාව ජුනි 17 වනදා හජ් උත්සවය සමරන බවයි. මේ අතර ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් භක්තිකයින් සදහා වාර්ෂික හජ් වන්දනාවට නොමිලේ සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සෞදි රජයෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි මෙම අවස්ථාව හිමිව ඇත්තේ.

තව කියවන්​න

කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ චමින්ද නොහොත් කුකුල් චමින්ද නැමැත්තාට බන්ධනාගාරය තුළදී රැදවියන් පිරිසක් පහර දී තිබෙනවා. බරපතල ලෙස තුවාල ලැබු සැකකරු අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. ආහාර ගනිමින් සිටි තම දියණියට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළව වැලිඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව ඔහුව පදවිය සංචාරක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදී ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

තව කියවන්​න

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාට සේවා දිගුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා මහතාව යළිත් ආරක්ෂක මාණ්ඩලික ධුරයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ජනාධිපතිවරයාගේ අනුමැතියට යටතේයි අදාළ සේවා දිගුව සිදුකර ඇත්තේ. ජුනි මස පළමුවනදා සිට 2024 දෙසැම්බර් 31 වනදා අදාළ පත්කිරීම බලාත්මක වන බව ගැසට් නිවේදනයේ සදහන්.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය එළඹෙන ජනාධිපතිවරණය ඉලක්කර ගනමින් පවත්වන පළමු ජන රැළිය අද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අම්බලන්තොට නගරයේදී නිදහස් පක්ෂයේ පළමු ජන රැළිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවක් ද කැදවා තිබුණා. ඊට එක්වු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තවත් පක්ෂ 23ක් පමණ සන්ධාන ගතව ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් ජන රැළිය අද පැවැත්වීමට නියමිතයි. ඒ එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මාතලේ රත්තොට නගරයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

තව කියවන්​න

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට එල්ල වු බව කියන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට ලබා දුන් උපදෙස් මතයි මෙම තීරණය ගෙන ඇත්තේ. ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් තමන් මුහුණු දී සිටින ගැටළු සම්බන්ධයෙන් දැනුම් දුන්නා. විවිධ තර්ජන මධ්‍යයේ මුදල් කාරක සභාවේ සභාපතිධුරයේ කටයුතු කිරීමට සිදුව ඇති බවයි හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ.

තව කියවන්​න

ඩෙංගු මදුරු කීට ඝණත්වය ඉහළගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි කීට විද්‍යාඥ සකුන්තලා ජානකි මහත්මිය පැවසුවේ අප්‍රේල් මාසයේ 7.5ක් ව පැවති කීට ඝණත්වය මැයි මාසයේදී 10.6ක් දක්වා වැඩි වී ඇති බවයි. පාසල් ආශ්‍රිතව කීට ඝණත්වය සියයට 70කින් පමණ ඉහළ ගොස් ඇති බවයි සකුන්තලා ජානකි මහත්මිය සදහන් කළේ.

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක් අත්විදීමට සිදුවුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැති තරගය කඩුලු දෙකකින් පරාජය වීමත් සමගයි. බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 124ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 47ක්. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශය පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 125ක් ලබා තරගය ජයග්‍රහණය කළා. අවසන් පන්දුවාර දෙක තුළ දී ජයග්‍රහණය සදහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11ක් රැස්කළ යුතුව තිබුණා. කෙසේවෙතත් දසුන් ශානක ක්‍රියාත්මක කළ 19 වන පන්දුවාරය තුළ දී…

තව කියවන්​න

දුම්රිය ගමන්වාර 10 ක් අවලංගු වී ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොළගේ සඳහන් කළේ. උසස්වීම් ලබා නොදීම සහ බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය මෙම වර්ජනය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අතර ඒ හේතුවෙන් ඊයේ දුම්රිය ගමන් වාර 80කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කෙරුණා. ඒ හේතුවෙන් මගී ජනතාව පත්වුණේ දැඩි අපහසුතාවකටයි.

තව කියවන්​න