Author: VNews

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නායයෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ සහ සැළකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් එම නිවේදනය මඟින් සිදු කර තිබෙනවා.

තව කියවන්​න

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වූ 18 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා උගන්ඩා කණ්ඩායම අතර තරගයේ දැවැන්ත ජයක් හිමි කරගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 134කින්. කාසිය වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05 දැවී 173 ලබා ගැනීමට සමත් වුණා.

තව කියවන්​න

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උගන්ඩා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 134කින් ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 173ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 12ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගතහැකි වුණේ ලකුණු 39ක් පමණයි.

තව කියවන්​න

යුක්‍රේනයට අඛණ්ඩව සහය ලබා දෙන බව අමෙරිකාව සහ ප්‍රංශය යළි අවධාරණය කර තිබෙනවා. දෙරටේ නායකයින් අතර පැවති හමුවේදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැරිස් නුවරදී හමු වූ බවයි.

තව කියවන්​න

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ තෝරවංගුව අසලදී බස් රථයක් අද අළුයම අනතුරට ලක්ව තිබෙනවා. කොළඹ දෙසින් පැමිණ ඇති මෙම රථය අධික වර්ෂාව හේතුවෙන් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි විස්සක් පමණ පහළින් ඇති ඇළට පෙරළී තිබුණා. මෙම ස්ථානය අනතුරු බහුලම සිදුවන ස්ථානයක් ලෙසයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

තව කියවන්​න

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගය ලකුණු 36කින් ජය ගැනීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 201ක් රැස්කළා. ඒ අනුව ලකුණු 202ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 165ක් පමණයි.

තව කියවන්​න

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථානය අතරයි. නිව්යෝර්ක් හිදී පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රි 08ට ආරම්භ වීමට නියමිතයි. ත්‍රස්ත ප්‍රහාරයක අනතුරු ඇගවීමක් හමුවේ මෙම තරගය සදහා දැඩි ආරක්ෂක වැඩපිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ලෝක කුසලාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අග්‍රමාත්‍ය ධුරයට තේරී පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය අද ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම උත්සවයට රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් 9,000ක් පමණ එක්වීමට නියමිතයි. මේ වන විටත් නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇති අතර දේශසීමා ආසන්න විශේෂ රථ වාහන පරීක්ෂා කිරීමක් ද එරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ නවදිල්ලි අගනුවර ගුවන් ගමන් තහනම් කලාපයක් ලෙස ද නම් කර ඇති බවයි. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වන ඉන්දිය මහමැතිවරණය ජය ගැනීමට අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමත් වුණා.

තව කියවන්​න

ඉදිරි කාලයේදී නිරිතදිග මෝසම් වැසි සක්‍රීය වීමෙන් මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම්වලට ලක්විය හැකි බව අනාවරණය කර තිබෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගය ගොඩිගමුව – වෙළමැද හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා. ඔවුන් පවසන්නේ සුලු වැසි තත්වයකදී පවා එම ප්‍රදේශය ජලයෙන් යටවන බවයි. එම තත්වය වැළැක්වීමට හෝ අවම කිරීමට බලධාරීන් මෙතෙක් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවටයි චෝදනා එල්ලවන්නේ.

තව කියවන්​න