- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
Author: VNews
ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. මෙම විශේෂ දිනය වෙනුවෙන් තේමාවක් නොමැති අතර එමඟින් අදහස් කරනුයේ පියවරුන්ගේ නොනිමි ආදරයට සීමාවක්, තේමාවක් අවශ්ය නොවන බවයි.
කොළඹ – කොටුව සිට මහනුවර හරහා නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රිය ඊයේ රාත්රියේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවනය ප්රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රාජ්ය ආයතන කිහිපයක් ලබන සතියේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබේ. කෝපා කමිටුව එළැඹෙන සතියේ දී දින තුනක් රැස්වීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව අනිද්දා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති අතර 19 වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව සඳහන්ය.
කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. මාධ්ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවෙන් සිටින බවය.
මේ වසරේ ගතවූ කාලය තුළ මත්ද්රව්ය කිලෝග්රෑම් 600කට අධික ප්රමාණයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. රුපියල් මිලියන 9,460කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය එලෙස සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා මහතා සඳහන් කළේ.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් කළ 23හැවිරිදි යුක්රේන ජාතික තරුණියක බිංගෙයක හැපී දුම්රියෙන් වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. උඩරට මැණිකේ දුම්රිය පස්වරුවේ ඕහිය හා පට්ටිපොළ අතර ප්රදේශයේ ධාවනය වෙමින් තිබියදී, අදාළ තරුණිය බිංගෙයක හැපී තිබෙනවා. ඒ හේතුවෙන් ඇය දුම්රියෙන් බිමට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ග්රීසියට අයත් ගල් අඟුරු ප්රවාහන නෞකාවකට රතු මුහුදේදී යේමන හූති සටන්කාමීන් ප්රහාරයක් එල්ල කළා. මෙම ප්රහාරයෙන් අතුරුදන් වූ නාවිකයෙකු සෙවීම තවදුරටත් ක්රියාත්මකයි. ග්රීසියට අයත් ගල් අඟුරු ප්රවාහන නෞකාවක් වන ටියුටර් නෞකාවට එම ප්රහාරයෙන් සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ප්රහාරයෙන් පසුව එහි කාර්ය මණ්ඩලය ඉවත් කරනු ලැබුවා. එක්සත් රාජධානියේ සමුද්රීය වෙළඳ මෙහෙයුම් හා පිලිපීන සංක්රමණික කම්කරු අමාත්යවරයාගේ වාර්තාවලට අනුව මෙම නෞකාව මේ වනවිට රතු මුහුදේ පාවෙමින් තිබෙනවා.
අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා . මේ අනුව මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ත් 50ත් අතර තද සුළං ද ඇතිවිය හැකි බව සදහන් . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවරගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා .
වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ වැඩ පිළිවෙලට කණ්ඩායමක් ලෙස එක්ව සහයෝගය ලබාදිය යුතු බව අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය පවසනවා . බිද වැටි තිබු මෙරට ආර්ථිකය යළිත් ගොඩනැගීමට ජනාධිපති වරයා ගත් උත්සාහය අගය කලයුතු බවයි උත්සවයක් අමතමින් අමාත්යවරිය මේ බව කියාසිටියේ .
වැටුප් වැඩි කිරීම ඇතුළු කරනු කිහිපයක් මුලික කරගනිමින් දින හතළිස් හයක කාලයක් පුරා ක්රියාත්මක විශ්වවිද්යාල අනධ්යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් විශ්වවිද්යාල පද්ධතියට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා . විශ්වවිද්යාල ප්රවේශය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කළ ද සිසුන් ඇතුළත් කිරීම වර්ජනය අවසන් වන තෙක් කල් යාම නොවැළැක්විය හැකි බවයි එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ. ලැබෙන අයදුම්පත් තේරීම සඳහා ප්රතිපාදන කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය නොමැති හෙයින් වර්ජනය අවසන් වුව ද අයදුම්පත් තෝරා ගැනීමේ කටයුතු සඳහා අමතර කාලයක් ගතවන බවත් එම නිලධාරියා කියාසිටියා . එමෙන්ම විශ්වවිද්යාල ප්රවේශය තීරණය කෙරෙන ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට තවත් කාලයක් ගත වනු ඇති බවද සදහන්…
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222













