- රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
- ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
- මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර සාකච්ඡා
- විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් විශේෂ ඉල්ලීමක්
- දකුණු කොරියානු තානාපතිනි හා ටිල්වින් සිල්වා අතර හමුවක්
- ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
- පොලිස් නිලධාරියාට වතුර බෝතලෙන් ගැහුව සැකකරු රිමාන්ඩ්
- අස්ගිරි පාර්ශ්වයේ අනුනායකය ධුරයට ආනන්ද හිමි පත්වෙයි
Author: VNews
2024 ඩයලොග් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග හයක් අද පැවැත්වෙනවා. ඒ අනුව මහනුවර සුමංගල විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය මහනුවර බෝගම්බර ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම සහිරා විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය තරග වදිනු ඇති. කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ හැව්ලොක් ක්‍රිඩාංගනයේදී ඩී.එස් සේනානායක විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය පැවැත්වීමට නියමිතයි. එමෙන්ම කොළඹ කින්ග්ස්වුඩ් විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමගින් අද තරග වැදීමට නියමිතයි. මහනුවර නිත්‍යවෙල ක්‍රිඩාංගනයේදීයි මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ. මේ අතර ගස්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ශාන්ත…
තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දේශගුණික විපර්යාවලට මුහුණ දිමේදි සහ පරිසර සංරක්ෂණයේදී බාහිරින්අරමුදල් ලැබෙන තුරු බලා සිටිමෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පරිසරය හා බැඳුනු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතු බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (20) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ (1st WLI Asia Oceania Conference 2024) සමාප්ති උත්සවයට එක් වෙමිනි. තෙත්බිම් සංරක්ෂණය…
කොරෝනා සහ ආර්ථික අර්බුදය හමුවේ පැන නොගොස් රට වෙනුවෙන් වගකීම් ඉටු කළ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට ජනපතිගෙන් ප්‍රණාමය ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (20) පස්වරුවේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනය අමතමිනි. පසුගිය කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ පැන නොගොස් රට වෙනුවෙන් වගකීම් ඉටු කළ…
ප්‍රජාව තුල වැඩිහිටි හා වියපත් වූවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරිම හා ආදර්ශයන් ලබාදීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය, මෙරට JICA කාර්යාලය මගින් මෙහෙයවන ව්‍යාපෘතිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව නියමු ව්‍යාපෘතියක් පසුගිය කාලය තුල දියත් කර ඇත. එම නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ පසුවිපරම් කටයුතු පිළිබදව අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා දැනුවත් කිරිමට JICA ව්‍යාපෘති කණ්ඩායම කටයුතු කරනු ලැබීය. මෙම අවස්ථාවට එම ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක (Chief Adviser) මිචිකෝ ෆුජිමොතෝ (Ms. Michiko Fujimoto), ව්‍යාපෘති සම්බන්ධීකාරක (Projet Coordinater) කොතා ඉවාකි (Mr. Kota Iwaki) යන මහත්ම මහත්මින් එක්ව සිටියහ.
කලා විද්‍යා වාණිජ යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතර ව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලුතෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය යන උපවිෂයන් හැදෑරීමට ශිෂ්‍ය ප්‍රජාව අතර මහත් උද්‍යෝගයක් පවතින බවත් ඒ අතර සිසුවියන් ඊට වැඩි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් සිලෝන් විමෙන් සංවිධානය ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී සන්නාම තානාපතිවරුන්…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජය ශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදු විය. ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආධාර, උපකාර සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් සියවස් ගණනාවක් පුරා දෙරට අතර තිබූ ඒ මිත්‍රශීලීත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වා ගත යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ ද ඉන්දියාව සමඟ ඇති ඒ අන්තර් සම්බන්ධතාව නොවෙනස්ව පවත්වාගෙන යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පැවසීය. ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා මෙන් ම සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ඒ ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බව ද…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (2024.06.20) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ආචාර්ය ජයශංකර්ට සුබ පැතූ අතර සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කළේය. කොවිඩ් වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පසු මෑත දුෂ්කර කාලවලදී ලබා දුන් සහය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තූති කළේය. ශ්‍රී ලංකාව වැනි අසල්වැසියන් ඉන්දියාවට අතිශයින් වැදගත් බවත් ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඉමහත් හොඳ හිතක් පවතින බවත් අමාත්‍ය ජයශංකර් මහතා පැවසීය. ඉන්දීය රජය ‟අසල්වැසියා පළමුව″ යන ප්‍රතිපත්තිය යළි තහවුරු කරන බවත් තම…
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජන අයිතියට පත්කිරීම එළැඹෙන ජූනි මස 24 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය. විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ඉල්ලීම පරිදි, මොණරාගල දිස්ත්‍රික්කයේ විගමණික ප්‍රජාව ඇතුළු මහජනතාවට කාර්යාංශයේ සේවාවන් ලබාදීම සඳහා මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කෙරේ. මොණරාගල, බිබිල පාර, හුලංදාව යන ලිපිනයේ මෙම නව මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇති අතර, විදේශ රැකියා සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම, විදේශ රැකියා සඳහා පැමිණිලි භාරගැනීම, සුභසාධන පහසුකම් සැලසීම, විදේශ රැකියා පුහුණුව, විදේශීය භාෂා පාඨමාලාවන් ඇතුළු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් කෙරෙන බොහෝ සේවාවන් මෙම නව මධ්‍යස්ථානය මගින් සලසා ගැනීමට මහජනතාවට අවස්ථාව…
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD – 106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුනි 20) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට පැමිණි ‘SAMIDARE (DD – 106)’ නෞකාව, දිගින් මීටර් 150.5 ක් හා නැව් මුළුව 202 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් KOGA Naoki කටයුතු කරනු ලබයි.
බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳව අවධානය යොමු කෙරේ. මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (20) කොටුව ජනාධිපති මන්දිරයේ පැවති නිල හමුවෙන් අනතුරුව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. බලශක්ති සම්බන්ධතාව සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය, LNG සැපයුම, දෙරට අතර ඉදි කිරීමට යෝජිත ඛනිජතෙල් නළ මාර්ගය සහ තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවිය. සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් 2024 ජුලි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ද…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222