Author: VNews

හෙට සහ අනිද්දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සංගම් රැසක් තීරණය කර තිබෙනවා. නමුත් මෙම වැඩවර්ජනය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි 17ට පසු ප්‍රකාශයට පත්කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ.

තව කියවන්​න

නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ප්‍රදේශයේ නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම මුහුදු ප්‍රදේශවලට පැයට කිලෝමීටර 70 දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකියි. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ තද සුළං සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

තව කියවන්​න

අධිකරණ නියෝගය අනුව බන්ධනාගාර ගත කර සිටින සමගි ජන බලවේගය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා අද (07) දින එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය. එහිදී බන්ධනාගාර ගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් බැලීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ඒ මහත්මිය හට අධිකරණයෙන් ලබාදුන් තීන්දුව පිළිබඳව කිසිදු විවේචනයක් නොමැති වුවත් රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලයක් මගින් ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා සිදුකරන බවයි.

තව කියවන්​න

නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන නවීකරණයේ නව පියවරක් තබමින් දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පාසල් 200 කට සුහුරු පංති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබාදීම සඳහා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ අද (06) පැවති උත්සවයට එක්වෙමිනි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව දකුණු පළාත් සභාව වෙත ලැබුණු රුපියල් ලක්ෂ 3000ක (කෝටි 30ක)…

තව කියවන්​න

රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බවත්, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන පිරිසක් එම දේශපාලන ක්‍රමවේදය තුළ බිහිවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (05) සංවිධානය කර තිබූ බැංකුකරුවන්ගේ සංසඳයට සහභාගී වෙමිනි. රට හමුවේ ඇති ආර්ථික අභියෝගය තමා ජනතාව හමුවේ නොබියව ප්‍රකාශ කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රට එම අර්බුදයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි වැඩපිළිවෙළ ද මේ වන විට පැහැදිළිව රටට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය. එම වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක්…

තව කියවන්​න

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව ඉන්දියානු  රජයේ  මූල්‍ය ප්‍රතිපාදනයෙන්  දකුණු පළාතේ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සදහා   පාසල් 200 කට සුහුරු පංති කාමර සහ එක් පංතියකට ටැබ් පරිඝණක යන්ත්‍ර 10 බැගින් පංති කාමර 200 ක් සදහා  ටැබ් පරිඝණක යන්ත්‍ර 2000 ක් බෙදා  දීම අද දින පෙරවරුවේ (06) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් ගාල්ල Hall De Galle ශාලාවේදී පැවැත්විණි. ඉන්දියානු රජය මගින් මේ  සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස  රුපියල් ලක්ෂ 3000ක (කෝටි 30ක) මුදලක් දකුණු පළාත් සභාව වෙත ලබා දී ඇති අතර මෙම ව්‍යාපෘතිය සදහා තෝරාගත් පාසල් 200 අතරින් පාසල්…

තව කියවන්​න

එක්සත් අරාබි එමීර්  රාජ්‍යයේ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු අද උදෑසන මගින් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය  සදහන් කරයි. පසුගිය ජූලි පළමු වන දින (7/1) කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සයිබර් අපරාධ වල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර තිබුනි.  ඒ අනුව එරට ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලය මඟින් සිදු කල සොයා බැලීමේදි ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකුද සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා මත පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බව අනාවරණය…

තව කියවන්​න

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරුමැද, සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තව කියවන්​න

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද සහ හෙට සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන්ගේ මහතාගේ ආරාධනයකට අනුව මෙම නිල සංචාරය සැලසුම් කර ඇත්තේ. මෙම සංචාරයේදී අමාත්‍ය අලි සබ්රි මහතාගේ දෙරට අතර බහුවිධ සබදතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකාච්ඡාවල නිරත වීමට නියමිතයි. මේ අතර විදේශ අමාත්‍යවරයා ලබන 09 වනදා සිංගප්පූරුවේදී පැවැත්වෙන රොයිටර්ස් නෙක්ස්ට් ආසියා පැසිෆික් සමුලු‍ව සදහා ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න