- බෙල්ලන්විල ඇසළ පෙරහැරට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ විශේෂ සමරු කවරයක්
- ධීවර ප්‍රජාව වෙනුවෙන් “සයුර” නමින් නව ජීවිත රක්ෂණාවරණයක්
- ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට චීන රජයෙන් ශිෂ්‍යත්ව ප්‍රධානයක්
- වසරේ පළමු මාස 6 තුළ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය සීග්‍රයෙන් ඉහළට
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
- කිරිබත්ගොඩ කෙස් බිස්නස් එකක්
- නේපාලයේ කඳු ශිඛර 97කට නොමිලේ නගින්න අවස්ථාව
- BREAKING NEWS : හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් අභාවප්‍රාප්ත වෙයි
Author: VNews
1996 – 1997 වර්ෂ වලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු බවත් වර්තමානය වන විට එම තත්වය යහපත් වූවත්, තවමත් ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස සෞඛ්‍ය හා කර්මානත් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ, ඊයේ (11) පස්වරුවේ කොළඹ රාමඩා හෝටලයේ පැවති විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි. සුමිත්‍රයෝ ආයතනය පිහිටුවා වසර 50 ක් පිරීම නිමිත්තෙන් මෙම විශේෂ උත්සවය සංවිධානය කර තිබිණි.
වීසා නොමැතිව මෙරට රැඳි සිටි විදේශිකයින් 06 දෙනෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේ සැකකටයුතු විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට කටුනායක පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමක දී මෙම විදේශිකයින් අත්අඩංගුවට ගෙන තිබුණා. පොලීසිය පැවසුවේ නීතිවිරෝධි ලෙස ගෙන්වන ලද දුම්වැටි 1,000ක් එක් විදේශිකයෙකු සතුව තිබී පොලිස් භාරයට ගත් බවයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා. ඔහු මේ දක්වා තරග 06කට මුහුණ දී රැස්ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 303ක්. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ද ඇතුළත්. එමෙන්ම මෙවර තරගාවලියේ පිතිකරුවන් අතර දෙවන තැන පසුවන්නේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දුයි. ඔහු තරග 06කදී ලකුණු 284ක් ලබා සිටිනවා. මේ අතර ගෝල් මාවර්ල්ස් කණ්ඩායමේ ඇලෙක්ස් හේල්ස් සහ කැන්ඩි ෆැලැන්කන්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් අතර තෙවන සහ සිව්වන ස්ථානවල පවසුවනවා. මෙවර එල්.පී.එල් තරගාවලියේ මේ දක්වා වැඩිම හයේ පහර සංඛාවක් එල්ල කළ ක්‍රිඩකයා බවට දිනේෂ් චන්දිමාල් පත්ව ඇති අතර ඔහු තරග හයකදී හයේ පහර 15ක්…
අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 19) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙලෙස හෙට සිට දීප ව්‍යාප්තව සිදු කෙරෙනු ඇත. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සහ ජූලි 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජුලි 13 වන දිනද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14 වන දිනද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන…
වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. එසේම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
අද සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ටවැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් රට වෙනුවෙන් ජීවිතය පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබා ගැනීමේදී ප්‍රමුඛතාවය මත එම සේවාවන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත. සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවන්හි රණවිරුවන් හට ඇති වූ අපහසුතා පිළිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවීමෙන් පසු ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලදි. එම සාකච්ඡාවේ දී කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් සෞඛ්‍ය සේවා ලබා දීමේදී විරුසර වරප්‍රසාද කාඩ් පත…
මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද ලේඛනය අනුව 2023 රු. බිලියන 978 ක් බදු සහන ලබා දී ඇති බවත්, ඉන් වැට් බදු සහනය රු. බිලියන 543 ක් බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මෙම වැට් බදු සහනය ලබා නොදුන්නේ නම්, දාහතර ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප රු. 30,000 කින් ඉහළ නැංවිය හැකිවන බව ද හෙතෙම පෙන්වා දුන්නේ අද (10) පාර්ලිමේන්තුව අමතමිනි. “අද මේ රටේ මහජනයා මේ වැටුප් ඉල්ලලා වැඩ වර්ජන රැල්ලක් පටන් අරන් තියෙනවා. අපි දැක්කා පසුගියදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දරුවෙක් සිය දිවි නසාගෙන තියෙනවා. මගේ දරුවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්නේ. මේ අනධ්‍යන කාර්ය…
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව හෙට පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරණය නිසි කාලයට පැවැත්වීම සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියරේ තරග කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී ලබන 13 වනදා සිට එම තරග පැවැත්වෙන බවයි. ඒ අනුව ලබන 13 වනදා ජැෆ්නා කින්ග්ස් සහ කැන්ඩි ෆැලැන්කන්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබෙනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගවල ප්‍රවේශපත් අලෙවිය ද මේ වන ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222