Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජ්‍ය සේවකයින්ගේ වැටුප් මාසෙකට රු. 30,000 කින් වැඩි කරන්න පුළුවන්

    රාජ්‍ය සේවකයින්ගේ වැටුප් මාසෙකට රු. 30,000 කින් වැඩි කරන්න පුළුවන්

    2024-07-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද ලේඛනය අනුව 2023 රු. බිලියන 978 ක් බදු සහන ලබා දී ඇති බවත්, ඉන් වැට් බදු සහනය රු. බිලියන 543 ක් බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මෙම වැට් බදු සහනය ලබා නොදුන්නේ නම්, දාහතර ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප රු. 30,000 කින් ඉහළ නැංවිය හැකිවන බව ද හෙතෙම පෙන්වා දුන්නේ අද (10) පාර්ලිමේන්තුව අමතමිනි.

    “අද මේ රටේ මහජනයා මේ වැටුප් ඉල්ලලා වැඩ වර්ජන රැල්ලක් පටන් අරන් තියෙනවා. අපි දැක්කා පසුගියදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දරුවෙක් සිය දිවි නසාගෙන තියෙනවා. මගේ දරුවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්නේ. මේ අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වර්ජනයත් එක්ක මේ දිග් ගැහුණු ක්‍රියාවලිය. මොකක්ද මේ අපේ වැඩකරන ජනතාවට වෙලා තියෙන්නේ? අපි දොස් කිව්වට වැඩක් නැහැ. ආණ්ඩුවේම මුදල් අමාත්‍යාංශයේ සංඛාලේඛන දෙපාර්තමේන්තුව කියලා තියෙනවා 60% ක් අපේ පවුල්වලට ආදායම අඩු වෙලා කියලා. 90%කට මේ වියදම පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට මේ බදු එකතු කිරීමේ යාන්ත්‍රණය නිසියාකාරයෙන් වෙනවද? ඒක යුක්ති සහගතව වෙනවද? කියන ප්‍රශ්නය මේ ජනතාව අහනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ අපි දැක්කා පසුගිය වසරේ නොවැම්බර් පළවෙනිදා වෙනකොට විශාල බදු ප්‍රමාණයක් ගෙවලා තිබුන්නැ. බිලියන හතක් කෝටි හත්සීයක බදු පොලු තිබිලා තියනවා සුරාබදු දෙපාර්තමේන්තුවේ. අපේ රටේ සුරාබදු පනතට අනුව අත්පිට මුදලට මිසක් කිසිම කෙනෙකුට මත්පැන් විකුණන්න බෑ. ඒ අනුව බදු පොලු තැබීමේ කිසිම හැකියාවක්, අවස්ථාවක් ඒ සමාගම් වලට නෑ. අපි නියෝගයක් දුන්නා නිර්දේශයක් කළා මේ බදු අයකරගන්න ඒ බදු පොලු තියපු සමාගම් පහේ තාවකාලිකව බලපත්‍ර නවත්තලා බදු අය කරගන්න කියලා. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව ඒ බලපත්‍ර නැවැත්තුවා 2023 නොවැම්බර් පළවෙනිදා ඉඳන්. දවස් හතරකට පස්සේ ගිවිසුම් අත්සන් කරලා දෙසැම්බර් 31 වෙනකොට 2023 මේ සියලුම අය නොකර ගත්ත බදු පොලු අය කරගන්න එකඟතාවයකට ආවා. හැබැයි දෙසැම්බර් හතර වෙනිදා ඉඳන් නැවත ඒ බදු ගෙවීම පැහැර හැරියා. පැහැර හැරියාට ඒගොල්ලන්ගේ කිසිම විදිහකට ඒගොල්ලන්ගේ මේ බලපත්‍ර තාවකාලිකව ඉවත් කළේ නෑ. දැන් අදටත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පසුගිය අප්‍රේල් මාසෙදි අපට දැනුම් දුන්නා තාම මේ බදු ගෙවීම කෙරිලා නෑ කියලා. ඒ අනුව අපි දැනුම් දුන්නා, මේ හයවෙනි මාසේ තිස් වෙනිදා වෙනකොට මේ සුරාබදු අයකර ගැනීම සඳහා අලුත් ගිවිසුම් වලට එළඹිලා කරගෙන යන්න කියලා. දැන් අද ඇවිල්ලා කියනවා, මුදල් රාජ්‍ය ඇමැතිතුමාත් ඉන්නකොට කියන්න ඕනේ, සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශයෙන්, දැනුම් දීලා නැහැ, මේවා අයකර ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න, මේ බලපත්‍ර තහනම් කරලා හරි, මේ ඒක තමයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උත්තරේ. හැබැයි මුදල් අමාත්‍යාංශය අපිට දැනුම් දීලා තියෙනවා, මේ අපේ කාරක සභාවට, මේක අයකර ගැනීම සඳහා වෙච්ච ඒ නිවේදනය අපි ලබා දුන්නයි කියලා.

    පෙර පුව​තජනාධිපතිවරණය ගැන පාර්ලිමේන්තු විවාදයක්
    ඊළඟ පුව​ත රජයේ රෝහල් වෙතින් සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී විරුසර වරප්‍රසාද කාඩ්පතට ප්‍රමුඛත්වය

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group