- ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට
- කරමැටියේ කදුළු කතාවක්
- ඉන්දියාවේ 79වන නිදහස් දිනය සමරයි
- රුමේනියා රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
- දුම්රිය ස්ථානය අසලම බහුවිධ ප්‍රවාහන සේවයක්
- ලංගම බසයේ එන්ජිමට යූරියා පොහොර දැම්ම ගැන පොලිසියෙන් විමර්ශනයක්
- ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළට
- මුත්තුනගර් ඉඩම් ගැටලුවට විසඳුම් සාකච්ඡා
Author: VNews
දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනපවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද හැටන් දුම්රිය ස්ථාන භුමියේ පැවති හමුවකට එක්වෙමින්.
දියවන්නා ඔයේ පාවෙමින් තිබූ මළසිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා. දියවන්නාව ජපන් මිත්‍රත්ව මාර්ගයේ ඇති ශරීර සුවතා මංතීරුව අසල මෙම මළ සිරුර තිබූ බවයි පොලිසිය පැවසුවේ. මෙම නාඳුනන මළසිරුර හදුනාහැනීම සඳහා තලංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
කළුතර නගරය හා අවට පාසල්වල සිසුන්ට මෙන්ම උපකාරක පන්තිවලට සහභාගීවන සිසුන්ට අලෙවි කිරීම සඳහා රැගෙන ආ මත්කරල් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.
කල්පිටිය පොලිසිය විසින් අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඇප මත මුදා හැර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මතයි.
බංගලාදේශයේ ඇති වී තිබෙන විරෝධතාවය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් තිස් දෙකකට දිවි අහිමි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රජයේ රැකියා සඳහා ආන්දෝලනාත්මක කෝටා ක්‍රමයක් යළි ස්ථාපිත කිරීමට එරෙහිව මෙම විරෝධතාවය හට ගත් බවයි. ඒ අනුව මේ වන විට එරට සමාජ මාධ්‍යයද සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට පියවර ගෙන තිබෙනවා.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව ගේ විශේෂ අවධානය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය නිසා මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 74 ත් අතර මුහුදු ප්‍රදේශවල ) සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 11ත් 19ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 93 ත් අතර මුහුද ප්‍රදේශවල )ඉතා ද සුළං ( පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව දැනුම් දී තිබේ.
මත්ද්‍රව්‍ය හේතුවෙන් තවමත් මෙරට වාර්ෂිකව 40,000ක් පමණ මියයන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. ඒ අතරින් 20,000ක් පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා බවත් 18,000ක් මධ්‍යසාර භාවිතය නිසාත් 2,000ක් පමණ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිය යන බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර සඳහන් කරනවා. එහි සභාපතිවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම මව්පියන්ගේ වගකීමක් බවයි.
රටපුරා ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමඟ පුද්ගලයින් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා . ඒ අනුව ගල්කිස්ස ප්‍රදේශයෙන් සැකකරුවෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් සැකකාරියක්, නුගේගොඩ සහ අතුරුගිරිය ප්‍රදේශවලින් එක් සැකකරුවෙකු බැඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා .අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව ගේ විශේෂ අවධානය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති බව සදහන් .සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් මුහුදු ප්‍රදේශයේ සුළං පැ.කි.මී. 70ත් 80ත් අතර පැවතිය හැකි අතර එම ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසනවා .මෙම මුහුද ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩ බිම ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද එම දෙපාරතමේන්තුව අනතුරු අගවනවා .එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව විසින් ඉදිරයේ දී නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන්…
ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ පැවැත්වුණා. මෙහිදී කොළඹ රාජකීය විද්‍යාලය , ශාන්ත පීතර විද්‍යාලය , මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය ජයග්‍රහණ හිමිකර ගත්තා. කොළඹ රාජකීය විද්‍යාලය විසින් ලකුණු 28 ට 19ක් ලෙස කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය පරාජයට පත්කළා. එමෙන්ම සහිරා විද්‍යාලයට එරෙහිව පැවැති තරගයේ ජය හිමිවුණේ ශාන්ත පීතර විද්‍යාලයටයි. එම තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 62 ට 08ක් ලෙසයි. එමෙන්ම ත්‍රිත්ව විද්‍යාලය ශාන්ත අන්තෝනි විද්‍යාලය පරාජයට පත්කළේ ලකුණු 32ට 19ක් ලෙසයි. මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර තරගයේ ජය වෙස්ලි විද්‍යාලයට හිමිවුණා. එහි ලකුණු සටහන දැක්වුණේ ලකුණු 43ට 17ක් ලෙසයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222