- 2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක්
- යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක්
- බුද්ධශාසන අමාත් මහ නා හිමිවරුන් බැහැ දකී
- නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආරම්භ කරයි
- සහස්ධනවි බලාගාරයේ ගාස්තුව පිළිබඳව මාධ්‍ය නිවේදනයක්
- සිරකරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් රජයෙන් අලුත් වැඩක් ! – VIDEO –
- පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
- ආණ්ඩුව ඇයි මෙහෙම නිහඬ – සජිත් අහයි – VIDEO –
Author: VNews
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි පොලිසිය සැකකරන්නේ. ගින්න පාලනය සදහා කළුතර මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදා ගෙන තිබුණා. ගින්න පාලනය සදහා එක්ව සිටි ගිනි නිවන භටයෙකු ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසනවා. නියෝජ්‍ය කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, අද පාර්ලිමේන්තුවේදී යි. ජනාධිපතිවරයා මෙම පත්කිරීම කර ඇත්තේ, හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවයි.
ඉදිරි ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ පවසනවා. මැතිවරණ දෙකක් පැවැත්වීමට ප්‍රමාණවත් කඩදාසි මුද්‍රණාලය සතුව පවතින බවයි ඇය සඳහන් කළේ. මැතිවරණ කොමිසම හෙට දිනයේ රැස්වී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් අනතුරුව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ වෑන් රථයේ රියදුරු හා බස් රථයේ රියදුරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත්තේය. සැකකරුවන් දෙදෙනා අද (24) කඩුවෙල මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
අද පෙරවරු 11ට පමණ පුද්ගලයන් 19 දෙනෙකු රැගත් නේපාලයේ සෞර්‍යා ගුවන් සේවයට අයත් යානයක් කත්මණ්ඩු නුවරදී ගුවන්ගත වීමේදී කඩා වැටී ඇති අතර, එහි නියමුවා දිවි ගලවා ගත් නමුත් යානයේ සිටි අනෙක් 18 දෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. නේපාලයේ කත්මණ්ඩුහි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීයි මෙම යානය අනතුරට පත්ව ඇත්තේ.
බිත්තරයක් සිල්ලර මිල ලෙස රුපියල් 40කට ලබාදීමට හැකි බවත්, එසේ ලබාදීමට නොහැකි වුවහොත් යළිත් බිත්තර ආනයනය කිරීමට සිදුවන බවත්, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. එළැඹෙන දෙසැම්බර් මස උත්සව සමයේදී කේක් නිෂ්පාදකයන්ට බිත්තර විශාල ප්‍රමාණයක් අවශ්‍යවන අතර, ඔවුන්ට අවශ්‍ය පරිදි බිත්තර නොමැති නම් අනිවාර්යෙන්ම ආනයනය කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පවසනවා. හෝමාගම දී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පැවසුවේ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කළ බවයි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2024.02.12 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාසනය ලැබී ඇත
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා. අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකි අතර සියළු යෝජනා MS Word හි font 12 – Iskoola Pota අකුරු මඟින් සකස් කොට එහි PDF ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර යොමු කළ යුතුයි.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කර එය නිශ්ප්‍රභ කිරීමෙන් අනතුරුව, නියම කළ රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුව නීතිඥ අරුණ ලක්සිරි විසින් ගෙවීමට කටයුතු කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222