Author: Suraj Alwis
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා සියයට 19 ක තීරු බදු පනවා තිබෙනවා. අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමග නව ගිවිසුමක් යටතේ ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව මීට පෙර සඳහන් කර තිබූ සියයට 32 ක තීරු බදු පැනවීම සියයට19 ක් දක්වා අඩු කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඉන්දුනීසියාව ඇමෙරිකානු බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා මිල දී ගැනීමට එකඟවීමෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙම සහනය ලබා දී ඇතැයි සඳහන්.
වැලිගම, උඩුකාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේග පක්ෂයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. අද අලුයම 4.40 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂව ද ලබාගෙන තිබූ බවයි පොලිසිය පවසන්නේ. වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ. එහිදී වෙඩිකරුවන් වෙත පොලීසියෙන්ද වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද…
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය සහිත රසායනාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය රසායනාගාර ආයතනයක් එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ දිනයේ අත්සන් තැබුණා. මෙම ව්‍යාපෘතියේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 15 ක් බවයි සඳහන් වන්නේ. දිවයින පුරා මේ වන විට පවතින රසායනාගාර සමඟ එක්ව ප්‍රධාන රසායනාගාරයක් ලෙස කටයුතු කරමින් විවිධ ක්ෂේත්‍රවල භාණ්ඩ සහ සේවාවන්වල තත්ත්වය තහවුරු කිරීම මෙම රසායනාගාරය මගින් සිදු කිරීමට අපේක්ෂිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
අව්‍යාජ බෞද්ධ ඉගෙනීම මෙන්ම භාවිතය සඳහා ගෝලීය මධ්‍යස්ථානය ලෙස ඉන්දියාව අද්විතීය සහ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව දලෙයිලාමා පවසනවා. එය චීනයේ සීමාකාරී සහ දේශපාලනීකරණය වූ ප්‍රවේශය ඉක්මවා යන තත්වයක් බවයි එතුමන් පෙන්වා දෙන්නේ. ලඩාකිවරුන්, ටිබෙට්වරුන් සහ අනෙකුත් ප්‍රාදේශීය ප්‍රජාවන්ගෙන් උණුසුම්, ප්‍රීතිමත් පිළිගැනීමකින් අනතුරුව දලෙයිලාමා බෞද්ධ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම සඳහා ඉන්දියාවේ ගැඹුරු වැදගත්කම අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීන බලධාරීන් විසින් ටිබෙට් බෞද්ධ ආයතනවලට සිදු කරන ලද විනාශය සැලකිල්ලට ගනිමින් දලෙයිලාමා මේ බව පැවසූ බව එතුමන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඉන්දුනීසියාවේ, බටහිර සුමාත්‍රා පළාතේ මෙන්ටවායි දූපත් අසල බෝට්ටුවක් පෙරළී යාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා එරට ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ පස්වරුවේ බෝට්ටුවක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනතුරු සිදුවන අවස්ථාවේ දී බෝට්ටුවේ පුද්ගලයින් 18 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් ඔවුන් අතුරින් පුද්ගලයින් දස දෙනෙකු එරට රාජ්‍ය නිලධාරීන් පිරිසක් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.
ලොව පැරැණිතම පාපැදි සවාරිය ලෙසින් සැළකෙන 112 වැනි ප්‍රංශ පාපැදි සවාරිය මෙම දිනවලදී පැවැත්වෙනවා. අදියර 21 කින් සමන්විත මෙවර ප්‍රංශ පාපැදි සවාරයේ දස වැනි අදියර කිලෝ මීටර එකසිය හැට පහයි මීටර තුනකින් සමන්විත වූ අතර මෙම අදියර ජය ගැනීමට බ්‍රිතාන්‍යයේ සයිමන් යේට්ස් සමත් වුණා. ඒ, පැය හතරයි මිනිත්තු විස්සයි තත්පර පහකින් තරගය අවසන් කරමින්. කෙසේ වෙතත් අදියර දහයක් අවසන් වන විට ප්‍රංශ පාපැදි සවාරියේ ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අයර්ලන්තයේ බෙන් හීලි සමත් වී තිබෙනවා. ඔහුට මෙම අදියර දහය අවසන් කිරීමට ගත වී ඇති කාලය පැය තිස් හතයි මිනිත්තු හතළිස් එකයි තත්පර හතළිස් නවයක් බවයි සඳහන් වන්නේ.
මීරිගම, බෝතලේ, පහළගම ප්‍රදේශයේ ඉඩමකට පෙරේදා පස්වරුවේ තරුණයින් තිදෙනෙකු එහි තිබූ දූරියන් ඇහිලීමේ අරමුණින් පැමිණ තිබුණා. එම අවස්ථාවේ ඉඩමේ මුරකරු එම තරුණයින් දෙසට වෙඩි තබා තිබෙනවා. බෝර – 12 වර්ගයේ ගිනි අවියකින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එහිදී එක් තරුණයකු ජීවිතක්ෂයට පත් වුණා. පසුව අනෙක් තරුණයින් දෙදෙනා එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. කෙසේ වෙතත් ඉඩමේ හිමිකරු මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටයි මීරිගම පොලිසිය පියවර ගත්තේ. එහිදී ස්ථානීය පරීක්ෂණය සිදුකරන තුරු අදාළ තරුණයාව එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙසට පොලිසිය ප්‍රකාශ කළ ඥාතීන් චෝදනා එල්ල කළේ. පසුව දහ නවයයි අනූව ගිලන් රථයකින් පැමිණි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් අදාළ තරුණයාගේ සිරුර නැවත පරික්ෂා කිරීමේදී අනාවරණය…
ඇමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන18 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා. තීරු බදු අනුපාත අඩු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත්, ක්‍රියාත්මක වන බැවින් ඒ සම්බන්ධයෙන් ද්ව්පාර්ශවික ගිවිසුමකට එළඹීම සඳහා දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.
ප්‍රමුඛ රාජ්‍ය සේවා වඩා ශක්තිමත්ව සහ කාර්යක්ෂමව සිදු කරගෙන යාමේදී වැදගත් වන ඩිජිටල්කරණය සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ආධාර සැපයීමට සෞදි සංවර්ධන අරමුදල එකඟ වී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ඒ. අල්-මර්ෂද් මහතා අතර ඊයේ පැවැති හමුවකදී මෙම එකඟතාවට පැමිණ ඇති බව සඳහන්. සෞදි සංවර්ධන අරමුදලේ ආධාර මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය මෙන්ම නව ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222