Author: Suraj Alwis

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර අනුරාධපුරය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම ඌව සහ නැගෙනහිර යන පළාත්වල ද අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40…

තව කියවන්​න

අනුරාධපුරය, තිරප්පනේ, ගල්කුලම ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා අනුරාධපුරය රෝහලට ඇතුළත් කෙරුණා. මෙලෙස තුවාල ලබා ඇත්තේ විසි අට හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව පොලීසිය සඳහන් කළා. කෙසේ වෙතත් කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද ? යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

තව කියවන්​න

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා දින නියම කර තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ලබන නොවැම්බර් මස දස වැනිදා සිට දෙසැම්බර් මස පස් වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි. මේ අතර අද සිට ලබන ජූලි මස 21 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය මගින් විභාගය සදහා අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන්, සාක්ෂි ලබා දීම ඊයේ දිනයෙන් අවසන් වී තිබෙනවා. වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් හත් දෙනෙකුගේ සාක්ෂි පමණක් ලබා ගෙන වගඋත්තරකරුගේ සාක්ෂි අවසන් කිරීමටයි ඊයේ දිනයේදී කටයුතු කර ඇත්තේ. එමෙන්ම රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි, පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි ලබා දීම සදහා ලබන ජූලි මස පළමු වැනිදා පෙරවරු 09.30 ට එම පරීක්ෂණ කමිටුව යළි රැස්වීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි පිටියේදී ආරම්භ වුණා.කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායකයා තීරණය කළ අතර ඊයේ දිනයේදී පළමු දිනයට තරගය නිමා වන විට ඔවුන් කඩුළු අටක් දැවී ලකුණු 220 ක් ලබා සිටියා. එහිදී බංග්ලාදේශ පිළ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු සද්මන් ඉස්ලාම් ලකුණු 46 ක් ලබා ගත් අතර මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් පිළිවෙලින් ලකුණු 35 ක් සහ ලකුණු 34 ක් බැගින් වාර්තා කළා. ඊයේ දිනය පුරාවට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් තරගයේ පාලනය තමන් නතු කර ගැනීමට සමත්වීමද විශේෂත්වයක්. එහිදී ආරම්භක වේග පන්දු යවන්නන් වූ අසිත…

තව කියවන්​න

ඉරානය සහ ඊශ්‍රායලය අතර දින දොළහක කාලයක් පැවති යුද ගැටුම් මේ වන විට සමනය වෙමින් පවතිනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීමෙන් ඇති කර ගත් ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය ක්‍රියාවට නැංවීමත් සමගයි. ආරම්භයේදී වඩාත් දුර්වල ස්වභාවයක් ගත් එම සටන් විරාමය කඩ වීමේ අවදානමක් මතු වූයේ සටන්විරාම කොන්දේසි නොතකා ඉරානය, තමන් දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය කළ චෝදනාව හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා කෝපයට පත්කරමින් ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායලයද, ඉරානයේ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

තව කියවන්​න

අමෙරිකාව සහ ඉරානය අතර එළැඹෙන සතිය තුළ සාකච්ඡා ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එම අවස්ථාවේදී න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹිය හැකි බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුවයි ඔහු මේ බව පවසා ඇත්තේ. කෙසේ වෙතත් පැය 48 කට පමණ පෙර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබුණේ ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරයට එක්වීමෙන් අමෙරිකාව රාජතාන්ත්‍රිකභාවය පාවා දී ඇති බවයි. එමෙන්ම වොෂින්ටනය සමඟ තවදුරටත් සංවාදයක් කළ නොහැකි බව එමගින් දනවන බවද ඉරාන උත්තරීතර නායකය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වුණා.

තව කියවන්​න

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් දහසය දෙනෙකුට ලබන ජූලි මස දෙවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. ඒ අතර විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙකු, බන්ධනාගාර අධිකාරීවරයෙකු, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙකු, වැඩබලන බන්ධනාගාර අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වනවා. මේ අනුව, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක මහතා බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඩී.ආර්.එස්. සිල්වා මහතා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරු කර යවා තිබෙනවා. වැඩබලන බන්ධනාගාර අධිකාරී සුදන් රෝහණ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර වැඩ තහනමට ලක්ව සිටින…

තව කියවන්​න

යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25 ක් වූ ඌරාව, රොටුඹ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. පනාමුර, මිද්දෙණිය මාර්ගයේ වළල්ගොඩ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

තව කියවන්​න

හොරණ – කොළඹ මාර්ග අංක 120, පෞද්ගලික බස් රථ අද ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය පල කරමින් එම බස් රථ මෙලෙස ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත් වන මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යෙදීමට කටයුතු කර ඇතැයිද සඳහන්.

තව කියවන්​න