පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන්, සාක්ෂි ලබා දීම ඊයේ දිනයෙන් අවසන් වී තිබෙනවා. වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් හත් දෙනෙකුගේ සාක්ෂි පමණක් ලබා ගෙන වගඋත්තරකරුගේ සාක්ෂි අවසන් කිරීමටයි ඊයේ දිනයේදී කටයුතු කර ඇත්තේ. එමෙන්ම රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි, පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි ලබා දීම සදහා ලබන ජූලි මස පළමු වැනිදා පෙරවරු 09.30 ට එම පරීක්ෂණ කමිටුව යළි රැස්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













