Author: Suraj Alwis

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු – මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන…

තව කියවන්​න

ඊශ්‍රාලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ගාසාහි ඉන්දුනිසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙකු මිය ගොස් තිබෙනවා. අදාළ රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිවස වෙත එල්ල වු ප්‍රහාරවලින් ඔහු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදි වෛද්‍යවරයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු ද මිය ගොස් ඇතැයි සඳහන්. මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ගාසාහි වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කරන්නේ හමාස් සංවිධානයේ ප්‍රධාන ත්‍රස්තවාදියෙකු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළ බවයි.

තව කියවන්​න

ඉන්දියා – ඇමෙරිකා අන්තර්වාර වෙළඳ ගිවිසුම ජූලි 08 වැනිදා වන විට ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඊට අදාළ සියලු කොන්දේසි සඳහා දෙපාර්ශ්වයම එකඟ වී ඇති බව ආරංචි මාර්ග පවසන බවයි. අමෙරිකාව සමග සාකච්ඡා සඳහා ඉන්දීය වාණිජ දෙපාර්තමේන්තුවේ විශේෂ ලේකම් රාජේෂ් අග්‍රවාල්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමක් සාකච්ඡා අවසන් කිරීම සඳහා වොෂින්ටනයට ගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්. ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලොව පුරා රටවල් සඳහා අන්‍යෝන්‍ය තීරු බදු පැනවීම සඳහා ලබා දී ඇති සහන කාල දිනය ජූලි 09 වැනිදා අවසන් වන බැවින් මෙම ගනුදෙනුව ඊට පෙර අවසන් කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.…

තව කියවන්​න

යුරෝපයේ මේ වන විට දැඩි උෂ්ණත්වයක් පවතින බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ හේතුවෙන් යුරෝපය පුරා ජන ජීවිතයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. ඇතැම් රටවලට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙමින් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. ස්පාඤ්ඤය සහ එංගලන්තයට ජුනි මාසය තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබෙනවා. ස්පාඤ්ඤයට අතිශයින් උණුසුම් කාලගුණික තත්ත්වයක් වාර්තා වී ඇත්තේ ජුනි, ජූලි සහ අගෝස්තු සඳහා අපේක්ෂිත සාමාන්‍ය උෂ්ණත්වයේ වාර්තා පවා ඉක්මවමින් බවයි සඳහන් වන්නේ. ජුනි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය මේ වන විට අභිබවා ගොස් ඇති බවයි එංගලන්තයේ, කාලගුණ විද්‍යා කාර්යාලය පෙන්වා දෙන්නේ. මේ අනුව සමස්තයක් ලෙස වර්ෂ1884 දී සිට එක්සත් රාජධානියෙන් වාර්තා…

තව කියවන්​න

තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි ධීවරයාගේ සිරුර හමු වී තිබෙනවා. හුංගම, කළමැටිය, ධීවර වරායට ආසන්න මුහුදේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර සොයා ගෙන ඇති බව සඳහන්. තංගල්ල, දංකැටිය, සුසානභුමිය පාරේ පදිංචිව සිටි තිදරු පියෙකු වූ චමින්ද රුවන් නැමැත්තකුගේ සිරුර මෙලෙස හමු වී ඇති බව පොලිසිය සඳහන් කළා. තංගල්ල ධීවර වරායෙන් පසුගිය ජුනි මස විසි හත් වැනිදා රැකියාවට පිටත්ව ගිය මැක්සිම් පුතා ධීවර යාත්‍රාව අනතුරට ලක්වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට වාර්තා වුණා.

තව කියවන්​න

ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ නගරයේ බැංකුවක් තුළදී මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්. එහිදී ඩොලර් 100 ක ව්‍යාජ මුදල් නෝට්ටු හයක් සමඟ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු හතළිස් පහක් වන රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර,මිනුවන්ගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

තව කියවන්​න

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනා ගැනීම සඳහා මහජන උපදේශනයක් අද පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එම කොමිසම නිවේදනය කළේ, අද පෙරවරු අටේ සිට පස්වරු හතර දක්වා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවයි. 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වැනි වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්.

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු දෙකයි තිහට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියට තරග තුනක් ඇතුළත්. මෙම තරගය පැවැත්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුන්වාදුන් නව නීති කිහිපයක් යටතේ බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

කහවත්ත – ඇන්දාන මාර්ගයේ, උඩහවුපේ ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් ගැටලුවක් මත සිදු කර ඇති බවට පොලිසිය සැක පල කරනවා. ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමටයි විමර්ශන කණ්ඩායම් සමත් වී ඇත්තේ. පෙරේදා රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් කහවත්ත – බුන්ගිරිය ප්‍රදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නමැති විසි දෙහැවිරිදි තරුණයෙකු මිය ගියා. එමෙන්ම ඔහුගේ මිතුරෙකු වන එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙකු ද වෙඩි වැදී තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කෙරුණා. මිය ගිය තරුණයා සහ ඔහුගේ මිතුරා නිවසේ සිටියදී ජීප් රථයකින් පැමිණි පිරිසක් තමන් පොලිසියෙන් බව පවසා ඔවුන් රැගෙන…

තව කියවන්​න

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාර කප්පාදුව හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා මරණ මිලියන දා හතරක් පමණ සිදු විය හැකි බවට නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. එම මරණ මිලියන දා හතරෙන් තුනෙන් එකක් පමණ නොමේරු ළදරු මරණ බවයි එහි දැක්වෙන්නේ. පසුගියදා ස්පාඤ්ඤයේ පැවති ජගත් සංවිධානයේ ආධාර සමුළුවේ දී මෙම වාර්තාව එළිදක්වා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව ඊට සමගාමිව රටවල් එකසිය තිස් තුනක දත්තයන් මෙහිදි නිකුත් කෙරුණා.

තව කියවන්​න