තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි ධීවරයාගේ සිරුර හමු වී තිබෙනවා. හුංගම, කළමැටිය, ධීවර වරායට ආසන්න මුහුදේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර සොයා ගෙන ඇති බව සඳහන්. තංගල්ල, දංකැටිය, සුසානභුමිය පාරේ පදිංචිව සිටි තිදරු පියෙකු වූ චමින්ද රුවන් නැමැත්තකුගේ සිරුර මෙලෙස හමු වී ඇති බව පොලිසිය සඳහන් කළා. තංගල්ල ධීවර වරායෙන් පසුගිය ජුනි මස විසි හත් වැනිදා රැකියාවට පිටත්ව ගිය මැක්සිම් පුතා ධීවර යාත්‍රාව අනතුරට ලක්වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට වාර්තා වුණා.
උණුසුම් පුවත්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට














