- ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරු ලෙස නම් කිරීමට ව්‍යස්ථාදයක සභාවේ ඒකමතික අනුමැතිය
- ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කථානායක හමුවෙයි
- තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- ඉතිහාසයේ පළමු වරට පොලිස්පති වැරදිකරු වෙයි ! VEDIO –
- මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 458ක් අත්අඩංගුවට
- නව විපක්ෂ නායක කෙනෙක් නිසා මාධ්‍ය හමුව උණුසුම්… VEDIO –
- නීතිය තද වෙයි – අලි එලොව යවන මිනිස්සුන්ට ලොකුම දඬුවමක් ?
- රටම බලන් හිටිය අධ්‍යාපනයේ වෙනස ඇරඹෙයි !
Author: Suraj Alwis
2017 වසරේ සිට 2020 වසර දක්වා වූ කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව් ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කමිටුව පත් කර ඇති බව රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරුවන් පලා ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
රාගම බටුවත්ත ප්‍රදේශයේ දී පසුගිය තුන් වැනිදා රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්ය්‍යාංශය විසින් රාගම බටුවත්ත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අදාළ සැකකරු තවත් පුද්ගලයෙකුද සමගින් මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් නවයයි ග්‍රෑම් 220 ක්, කේරල ගංජා කිලෝ ග්‍රෑම් 67 යි ග්‍රෑම් 520 ක්, සබ් මැෂින් ගන් වර්ගයේ ගිනි අවි දෙකක්, මිලිමීටර නවය වර්ගයේ ගිනි අවි ජීව උණ්ඩ 10 ක්, කඩුවක්, ගුවන් හමුදා නිළ ඇදුම්, ජංගම දුරකථන හතරක්, ලැප්ටොප් පරිගණකයක් සහ තරාදි හතරක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආර්ජන්ටිනා සංචාරයේදී එරට ජනාධිපති ජේවියර් මිලෙයි සමඟ ඩ්‍රෝන් තාක්‍ෂණය වැනි නව ක්ෂේත්‍රවල සහයෝගීතා මාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් දෙපොළ අතර සිදු වූ ද්විපාර්ශ්වික හමුවෙන් පසු මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් පී. කුමාරන් පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයි අතර සංවාදය ඩ්‍රෝන යානා භාවිතය සහ ඒවා යෙදිය හැකි බහුවිධ අරමුණු ඔස්සේ සැලකිය යුතු ලෙස පැවැති බවයි. මෙහිදී විශේෂයෙන්ම මසුන් ඇල්ලීමේදී නීති විරෝධී, නියාමනය නොකළ සහ වාර්තා නොකළ මසුන් ඇල්ලීම යන ගැටලු හමුවේ ධීවරයින් ආර්ජන්ටිනාවේ සුවිශේෂී ආර්ථික කලාප ආක්‍රමණය කිරීම සඳහා එය භාවිතා කිරීම…
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ. රේගු ක්‍රියාවලියේ පවතින සංකීර්ණතා හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වී තිබෙනවා. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, රේගු දෙපාර්තමේන්තුවේ ආයතනික ක්‍රියාවලිය ඩිජිටල්කරණයට මේ දක්වා ගෙන ඇති තාක්ෂණික විසඳුම් සහ එහිදී මතුව ඇති අභියෝග පිළිබඳද විශේෂ අවධානය යොමු…
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ තරග තුනකින් යුතු එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගනිමින්. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත් වුණා. එහිදී ලකුණු 286 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලදේශ කණ්ඩායම පන්දුවාර 39 යි පන්දු 04 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 186 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට හැකි වුණා. තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා විසින් දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළ…
මිද්දෙණිය, පල්ලෙ ජුලම්පිටිය ප්‍රදේශයේදී රඹුටන් ගෙඩියක ඇටයක් සිරවීමෙන් පස් හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ දිනයේදී මෙම සිද්ධිය සිදුව ඇති බව සඳහන්. දරුවා වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. අද පස්වරු 2.30 ට තරගය ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා පිල ලකුණු 77 කින් ජය ගත් අතර බංග්ලාදේශය දෙවන එක්දින තරගය ලකුණු 16 කින් ජය ගනු ලැබුවා. මේ අනුව මෙම තරගාවලිය මේ වන විට පසුවන්නේ 1 ට 1 ක් ලෙස සම තත්ත්වයේ පවතිනවා. දෙපිලම අද තරගයට පිවිසෙන්නේ තරගය ජය ගෙන එක්දින තරගාවලියේ ජය ගැනීමේ අරමුණින් වීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජය ගැනීමට හැකියාව ලැබුණහොත් බංග්ලාදේශයට එරෙහිව වසර හයකට…
දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 14 කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරු බදු පැනවීම පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව එම තීරු බදු පැනවීම ලබන අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබෙනවා. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, ටියුනීෂීයාව යන රටවල් සඳහා ද ඊයේ දිනයේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ට්‍රම්ප් පරිපාලනය…
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් සිය ලකුණු 367 දී ඉනිම අත්හිටුවීමට ඔහු තීරණය කිරීම හේතුවෙන් ලාරාගේ වාර්තාව තවදුරටත් සුරැකිව පවතිනවා. සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගය පෙරේදා ආරම්භ වූ අතර පළමු දිනය නිමා වන විට දකුණු අප්‍රිකාව කඩුළු 4 ක් දැවී ලකුණු 465 ක් ලබා සිටියා. දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තැබූ නායක වියාන් මුල්ඩර් පෙරේදා දිනයේදී ලකුණු 247 ක් ලබා සිටියදී ටනාකා චිවන්ගා යැවූ පන්දුවක් හමුවේ දැවී ගියා. නමුත් පසුව එය නිපන්දුවක් ලෙස සංඤා කිරීමත්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222