Author: Kesara Athipola

තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබා දීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඊයේ (29) තීරණය කළේය. දැනට අප රටේ වාර්ෂික තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 260ක් දක්වා අවම වී ඇති අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් දක්වා ඉහළ නැංවීම මෙමගින් ඉලක්ක කර තිබේ. මීට පෙර තේ වගාවට පොහොර යෙදීම සඳහා වගාකරුවන් උනන්දු කරවීමේ අරමුණින් රුපියල් 2000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළත් තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට එම මුදල ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. මේ නිසා තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස…

තව කියවන්​න

තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග පහ අපනයනය මගින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1118.06ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2023 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙම වැවිලි බෝගවලින් උපයන ලද අපනයන ආදායම ඩොලර් මිලියන 884.6කි. ඒ අනුව පසුගිය වර්ෂයේ පළමු මාස හතර තුළ අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 234ක ආදායමක් මෙම වර්ෂයේ පළමු මාස හතර තුළ දී ඉපැයීමට හැකි වී තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඊයේ (29) පැවැති වැවිලි අංශයේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය. තේ වගාවන් සඳහා ලබා දෙන…

තව කියවන්​න

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය බලා පිටත්ව යන මීළඟ කාණ්ඩයට අයත් ශ්‍රමිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබා දීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. ඊශ්‍රායලයේ කෘෂි අංශයේ ඍතු පදනම මත සේවය කළ ශ්‍රමිකයින් 08 දෙනෙකුත් අලුත් ශ්‍රමිකයින් 13 දෙනෙකුත් මෙම කාණ්ඩයට අයත් වන අතර ඔවුන් කිහිප දෙනා බැගින් ඊශ්‍රායලයට යැවීමට නියමිත බව අමාත්‍යවරයා එහිදී පැවසීය. ඒ අනුව මෙම 21 දෙනා සමග ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය සඳහා පිටත් වන සමස්ත ශ්‍රමිකයින් සංඛ්‍යාව 2163 දෙනෙකු වන අතර ඉදිරි සතියේදී 08 දෙනෙකු ඊශ්‍රායලයේ කෘෂි සේවය සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීම පිණිස කැඳවීමට නියමිතය.

තව කියවන්​න

CEO WORLD සඟරාවට අනුව “ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු ලොව හොඳම රටවල් ලැයිස්තුවේ” පස්වන වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. මෙය 295,000කට අධික පාඨකයන්ගේ ප්‍රතිපෝෂණ මත පදනම්ව ඉදිරිපත් කර ඇති අතර ඉහළම පාඨක සහභාගිත්වයකින් ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි. මෙය මෙරට සංචාරක ක්ශේත්‍රය ලද තවත් ජයග්‍රහණයක් බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

තව කියවන්​න

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පසුගියදා (27) ලාඕසයේ පැවති ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතමින් කෘත්‍රිම බුද්ධිය වැනි නව සහ නැගී එන තාක්ෂණයන්හි අනිසි භාවිතය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමේ අරමුණින් ඒවායේ ආරක්ෂාව ඇතුළු නැගී එන අභියෝගවලට සාමූහික විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ආසියා පැසිෆික් කලාපයෙන් ඉල්ලා සිටියේය. සාමය, ආරක්ෂාව සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පැසිෆික් කලාපයේ ප්‍රයත්නයන් අඛණ්ඩව පවත්වා ගැනීමට අමතරව, සයිබර් සහ ජාල ආරක්ෂණ පද්ධති සඳහා පවතින අභියෝගවලට මුහුණ දීම සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සංසදය පියවර ගත යුතු බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කලාපයේ සමහර…

තව කියවන්​න

මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. සෙම පරීක්ෂණයක් සිදුකිරීමෙන් ඉන්ෆ්ලුවෙන්සා දැයි පරීක්ෂා කර බැලිය හැකි බව ද හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය යාම දිගටම පවතී නම් ප්‍රති වෛරස් ලබාදීමක් සිදුකරන බව ද ඒ මහතා අවධාරණය කළේය. මෙම වෛරස් රෝගවල රෝග ලක්ෂණ ලෙස උණ සමග හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යෑම, ඇඟපත රිදීම දක්නට ලැබෙන බව ද එවැනි රෝග ලක්ෂණ පන්තිවල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල හා නිවෙස්වල ඉක්මණින් පැතිරෙනවා…

තව කියවන්​න

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් ඊශ්‍රායලයේ ගෝලාන් කඳුකර කලාපයට එල්ල කළ රොකට් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් ඇතිවීමේ බියක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් එරට රජය තීරණය කර ඇත්තේ බේරූට් ගුවන්තොටුපලේ ගුවන් ගමන් අවලංගු කිරීමට හා ඇතැම් ගමන් ප්‍රමාද කිරීමටයි. ලුෆ්තන් සා ස්විස් එයාර් හා යුරෝවින්ස් ගුවන් සමාගම් මෙලෙස ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඊයේ එරට රජයට බලය ලබා දුන්නා. කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම භාරගැනීම හිස්බුල්ලා සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ

තව කියවන්​න

2024 ජනාධිපතිවරණයට මේ දක්වා අපේක්ෂකයන් සිව් දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා . ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු ද ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සරත් කීර්තිරත්න යන මහත්වරුන් මෙලෙස මුදල් ගෙවා ඇති බව සඳහන්. එමෙන්ම සමාජ ක්‍රියාකාරි ඔෂල හේරත් මහතා අභිනව නිවහල් පෙරමුණ යටතේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින්, ඒ.එස්.පී ලියනගේ මහතා ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

තව කියවන්​න

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කර තිබු ”හුස්ම” සහ ”සක්වල” යන ප්‍රජා සත්කාරක වැඩසටහන් නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා . ඒ අනුව එම වැඩසටහන් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවයි සමගි ජන බලවේගය සදහන් කලේ. එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කලේ මැතිවරණ නීතිය සැමට සමානව බලාත්මක කල යුතු බවයි. රජයේ මුදල් අවභාවිතා කරමින් නිවාස ඔප්පු සහ ඉඩම් බෙදාදීම, ශිෂ්‍යත්ව සහ ආගමික වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු පෙන්නවා දුන්නා. ඒ පිලිබදව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට ලිඛිතව පැමිනිලි කළ බවයි මහලේකම්වරයා සදහන් කලේ.

තව කියවන්​න