- ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වෙළා – ඉන්දික අනුරුද්ධ
- නිසි බස් ගාස්තු සංශෝදනයක් සිදු කළ යුතුයි-අසේළ සම්පත්
- තුර්කියේ ලැව් ගිනි
- නව කම්කරු පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක්
- වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත්
- බීමතින් රිය පැදවූ රියදුරුට අධිකරණයෙන් ලැබුණු දඬුවම
- වෛද්‍ය මහේෂිගේ ඇප ඉල්ලීම සලකා බැලීම 8 වැනිදා
- අස්වැසුම අභියාචනා භාරගැනීම 16 වැනිදායින් අවසන්
Author: Kesara Athipola
අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් ගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ඊයේ පැමිණි අගමැතිවරයා රැගත් හෙලිකොප්ටරය, මාතර – කොටුව ක්‍රීිඩාංගනයට ගොඩ බැස්වීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමට හානි සිදුව තිබෙනවා. අදාළ අවස්ථාවේ පැවති දැඩි සුළං ප්‍රවාහය හේතුවෙන් හෙලිකොප්ටරය දෝෂයට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් එම සිද්ධිය සිදුවන අවස්ථාවේදී මාතර තානායමේ ආහාරපාන ලබාගැනීම සඳහා පැමිණ සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්, දේශීය හා විදේශීය සංචාරකයින්ද අපහසුතාවට පත්වූ බව සඳහන්. මෙලෙස නිසි ආකාරයට හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් බිය වී තිබුණු අතර ඔවුන් සිය විරෝධයද පල කර තිබුණා. කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් දෙපාර්ශවය…
යුක්තිය මෙහෙයුම පෙරට වඩා ඉතාම කාර්යක්ෂමව සහ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත. අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව ඒ මහතා මේ බව අවධාරණය කර ඇත. අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කර නොමැති බවත් ඉතා කෙටි කාලයකින් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවත් අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර තිබේ.
මේ මස 05, 06 සහ 07 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දී තිබේ. එමෙන්ම 08 වැනි සිකුරාදා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු එම අංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි අභිමානවත් සංවත්සරය අදට (02) යෙදී තිබේ. “සුරකිමු ලකඹර” යන්න තම තේමා පාඨය කරගත් ශ්‍රි ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා අඹරේ ආරක්ෂකයන් ලෙස දශක හතකට අධික කාලයක් පුරා ජාතියට කළ සේවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් ලෙස මෙම සංවත්සරය සමරනු ලැබේ.
යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය වූ පා පැදියක ගැටී සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ 19 හැවිරිදි අයියකඩේ – මිසාලේ ප්‍රදේශයේ පදිංචි තරුණයා යාපනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු චාවකච්චේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. නමුත් මේ වන විට වෙළෙඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. ඔහු පවසන්නේ, බිත්තර නිෂ්පාදකයන් හා වෙළෙඳ මාෆියාව විසින් ජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීමට පියවර ගෙන එම උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
අහුන්ගල්ල – කරිජ්ජපිටිය අමුණ අසල ඇළේ ගිල්වා තිබූ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සොයාගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ ගගල්දුව උපකඳවුරේ කණ්ඩායමක් විසින් එය සොයාගෙන ඇත. මෙම යතුරුපැදිය ඊයේ (01) දහවල් අහුන්ගල්ල නගරයේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය දැයි සෙවීමට මේ වන විට පොලිස් විමර්ශනය සිදු කෙරෙමින් පවතියි.
කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-35ක පමණ තරමක තද සුළං ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව වාර්තා වේ.
හක්කපටස් එකක් පුපුරා යෑමෙන් ඉංගිරිය, රයිගම්පුර ප්‍රදේශයේ කුඩා දරුවෙක් බරපතළ තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත්තේ 7 හැවිරිදි දරුවෙකි. තවත් දරුවන් දෙදෙනෙකුට එම සිදුවීමෙන් සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වේ. දරුවන් සෙල්ලම් කරමින් සිටිය දී ටයර් එකක් තුළ තිබී හක්කපටස් හමුව ඇති අතර, ඔවුන් එය තැලීමට යෑමේ දී පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ.
මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පක්ෂ නායක රැස්වීමට මහ බැංකු නිලධාරීන් කැඳවීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කලේ මාර්තු 05 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම සඳහා මහ බැංකු නිලධාරීන් මෙලෙස කැඳවා ඇති බවයි. කෙසේවෙතත් මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ අදාළ වැටුප් සංශෝධනය සිදු නොවුණේ නම් මහ බැංකුවේ ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රටද හැර යා හැකිව තිබූ බවයි. පසුගිය වසර තුළ මහ බැංකුවට එහි සේවය කළ පලපුරුදු නිලධාරීන් සීයකට ආසන්න පිරිසක් අහිමි වී ඇති බවද එම සංගමය පෙන්වා දෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222