- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Kesara Athipola
මෙරට ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් සපයන සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් හා ක්ෂේත්‍රයේ නියුතු අනිකුත් පාර්ශවයන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ හා පහසුකම් සලසා දෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා බත්තරමුල්ලේදී පැවැති ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ බස්නාහිර පළාත් ශාඛාවේ සම්මාන රාත්‍රිය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර එකහමාරක් තිස්සේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ වැඩිම බලපෑමකට ලක්වූ ක්ෂේත්‍රයක් වූයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය බවයි. බැංකු පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය ඉහළ යාම, බලශක්ති අර්බුදය ආදී තත්ත්වයන් තුළ ක්ෂේත්‍රය…
එළඹෙන 21 වන දා සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එම තත්ත්වය පවතින උණුසුම පහව යාමට තරම් ප්‍රමාණවත් නොවන බවයි එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සදහන් කළේ.
මාස තුනක් ඇතුළත යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 8,634 ක මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ දේපොළ ද පොලිසිය භාරයට ගෙන ඇති බවය පොලිස්පතිවරයා සඳහන් කළේ. මේ අතර බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ සිට විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.
විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆෙස්බුක් පිටුව ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මෙරට ලොකු ලූනු අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10 ක් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව සඳහන්. එම තොග ලැබුණු පසුව ලොකු ලූනු කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට සැපයීමට හැකි බවත් රජයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මත්කුඩු සමග රත්ගම වැල්ලබඩදී, කාන්තාවක් ඊයේ (17) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. එම කාන්තාව දකුණු පළාතේ පාසල් කිහිපයක කරාතේ උපදේශිකාවකගේ මවක බව සඳහන්. එහිදී පොලිසිය සඳහන් කළේ මෙම සැකකාරිය මීට පෙරද මත්කුඩු සන්තකයේ තබාගෙන සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වූ අයෙකු බවද වාර්තා වේ.
ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 1 කට දැවී ගියා. පසුගිය තරඟ කිහිපයේදීම පැතුම් ඉතාම දක්ෂ පිතිහරඹයක නිරත වුණා.
පොලිතින් මලු නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබා දීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසල් පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී පියවර ගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වන්නේ පොලිතින් සහ ප්ලාස්ටික් පාවිච්චිය සඳහා ජනතාව අධෛර්යමත් කර එය අවම කිරීමයි.
උඩරට එළවලු මිල අද වනවිට සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව වාර්තා වනවා. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (17) කැරට් මිල රුපියල් 280ක් ලෙස සටහන් වූ අතර බෝංචි කිලෝවක් රුපියල් 150කටත්, ලීක්ස් කිලෝවක් රුපියල් 180කටත්, තක්කාලි කිලෝවක් රුපියල් කිලෝවක් රුපියල් 250ක් ලෙස අලෙවි වනවා. ගොවීන් පවසන්නේ, මේ හේතුවෙන් එළවලු නිෂ්පාදන වියදම පියවා ගැනීමේ දුෂ්කරතාවට ද මුහුණ දීමට සිදුවන බවයි.
ගෙවුණු සති අන්තයේ නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සදහා දෙස් විදෙස් වන්දනාකරුවන් ලක්ෂ 3 කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා. වන්දනාකරුවන් අධික වීම හමුවේ සීත ගඟුල ප්‍රදේශයේ දැඩි තදබදයක් පැවති බවයි අප වාර්තාකරු සදහන් කළේ. එමෙන්ම දුරබැහැර සිට පැමිණි බොහෝ වන්දනාකරුවන් පිරිසකට ශ්‍රී පාදය වැදපුදා ගැනීමට නොහැකිව ආපසු ගම්බිම් බලා යාමට සිදු වූ බවද අප වාර්තාකරු සදහන් කළ
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222