- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
- ට්‍රම්ප්ගේ යෝජනාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර
Author: Kesara Athipola
මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයේ 3-1 (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම වෙනුවෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි. අධ්‍යාපන පරිපාලනයේ සිදුකිරීමට අපේක්ෂිත වෙනස්කම් සමග දැනට පවත්නා පාසල් වර්ගීකරණය වෙනස්වන බව ද ඒ අනුව ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ග කරන…
සමරිසි විවාහ සම්මත කිරීමේ ඓතිහාසික පනතකට පසුගියදා තායිලන්තයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති බව වාර්තා වේ. පනත නීතියක් බවට පත්වීමට එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය මෙන්ම රජ පවුලේ අනුමැතියද ලැබිය යුතුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. එසේ වුවහොත් මේ වසර අවසන් භාගයේදී සමරිසි විවාහ සඳහා අවසර ලැබූ අග්නිදිග ආසියාවේ එකම රට බවට තායිලන්තය පත් වනු ඇත.
භූතානයේ ඉහළම පුරවැසි සම්මානය වන “Order of the Druk Gyalpo” රාජකීය ගෞරවයෙන් පිදුම් ලැබූ ලොව පළමු රාජ්‍ය නායකයා බවට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය අගමැතිවරයාගේ භූතාන සංචාරය අතරතුර ඔහු මේ ගෞරවනීය සම්මානයට පාත්‍ර වූ අතර, එරට රජ වංශයේ උත්තරීතර පුද්ගලයන්ට පමණක් පුදන ඉහළම පුරවැසි සම්මානය විදේශීය ජාතිකයකුට පිරිනැමූ පළමු අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසයට එක්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉන්දියාවේ එක්සිම් බැංකුව හරහා නවදිල්ලි නුවරින් නව යුද ගුවන්යානා දෙකක් මිල දී ගැනීමට බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයක් වන ගයානා හි ආරක්ෂක හමුදාව සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අමෙරිකානු ඩොලර් මිලියන 23.27ක ණය මුදලකටයි. ඉන්දියාව කැරිබියන් දූපත් රාජ්‍යයක් සමඟ මෙවැනි එල්ඕසී ණය ගිවිසුමකට අත්සන් තැබූ පළමු අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
යුක්තිය මෙහෙයුමට සමගාමීව ලේඛනගත පාතාල අපරාධකරුවන් 10ක් විශේෂ මෙහෙයුම් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට අලුතින් පිහිටුවන ලද කණ්ඩායම් 20 මඟින් ලේඛනගත පාතාල අපරාධකරුවන් 446 දෙනෙකු අතරින් අපරාධකරුවන් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් 80 දෙනා අතරින් සැකකරුවන් 53 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222