Author: Kesara Athipola
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව අප්‍රේල් 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති සියලුම මත්පැන්හල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මේ අතර බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන අප්‍රියෙල් 23 වනදා ද මත්පැන්හල් වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.
උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකුද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබා දෙන බව පැවසූ ජනාධිපතිවරයා, උඩ රට කලා මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට ඒ යටතේ කටයුතු කරන බව සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ (07) පෙරවරුවේ මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් හමුවූ අවස්ථාවේදීය. මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් සොයා…
මෙම වසර තුළ පළමුවරට මෙරටින් බීජ වර්ග යම් ප්‍රමාණයක් අපනයනය සඳහා සූදානම් කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව මිරිස්, වම්බටු , මාළු මිරිස් හා බණ්ඩක්කා සහ බඩඉරිඟු විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ සඳහා ඉහළ ඉල්ලුමක් විදේශ රටවල් ගණනාවකින් ඉදිරිපත්ව ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මෙරට පුද්ගලික අංශය එක්ව මෙම නව බීජ වර්ග පීළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර බීජ පිළිබඳ පර්යේෂණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් සිදු කර තිබේ. එමෙන්ම එම බීජ වැඩි දියුණු කිරීම හා සැකසීම ඉහළම තාක්ෂණය හා විශේෂඥ සහයෝගය…
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120 ක ධාරිතාවක් එක්කෙරෙන උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය අප්‍රේල් මස අගභාගයේ දී විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. උමාඔය බහුකාර්‍ය ව්‍යාපෘතිය 2011 වසරේ ආරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 513 කි.
දකුණු රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරකට යුක්‍රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ගුවන් යානා 06ක් විනාශ කළ බව වාර්තා වේ. තවත් ගුවන් යානා 08 කට එම ප්‍රහාරයෙන් දැඩි ලෙස හානි සිදුවී ඇති බවත්, ප්‍රහාරයෙන් නිලධාරීන් 20 දෙනෙකු පමණ මිය යාමට හෝ තුවාල වන්නට ඇති බවත් විදෙස් වාර්තා පවසනවා.
දැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් වී ඇති බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධය බවට පත්ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත් කළද ලෝකය සමඟ පරිවර්තනය වෙමින් ඉදිරියට නොගියහොත් රට පසුපසට ගමන් කරන බවද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) පස්වරුවේ පැවති කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 2022 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222