Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උඩරට නැටුම් රකින්න ජනපතිගෙන් කමිටුවක්

    උඩරට නැටුම් රකින්න ජනපතිගෙන් කමිටුවක්

    2024-04-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.86 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකුද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබා දෙන බව පැවසූ ජනාධිපතිවරයා, උඩ රට කලා මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට ඒ යටතේ කටයුතු කරන බව සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ (07) පෙරවරුවේ මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් හමුවූ අවස්ථාවේදීය.

    මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට මෙහිදී උපදෙස් දුන්නේය.

    උඩරට නැටුම් කලාව දේශීය මෙන්ම විදේශිය වශයෙන් ප්‍රචලිතව තිබුණද පාරම්පරික සම්ප්‍රදායන් අනුගමනය නොකිරීමේ ගැටළුව පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව කමිටුව මගින් ඒ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරිමට උපදෙස් ලබා දෙන බවද පැවසීය.

    ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ දී මුහුණ දීමට සිදුව ඇති ගැටළු කිහිපයක් පිළිබඳව මෙහිදී මහනුවර සාම්ප්‍රදායීක නර්තන ශිල්පීන් ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර එම ගැටළු පිළිබඳ සොයා බලා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට මැදිහත්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    එසේම සබරගමුව නැටුම් කලාව වැනි මෙරට සම්ප්‍රදායික කලා ශිල්ප ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    රටේ ආර්ථිකය නගා සිටුවමින් සියලු ජනතාවට යහපත් රටක් ගොඩනගා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට මෙහිදී මහනුවර සම්ප්‍රදායික නර්තන ශිල්පීන් සිය ප්‍රශංසාව පළ කළහ.

    ආශ්‍රීත පුවත්:  කොටුවට ජන ගඟක්! උද්ඝෝෂණයක් නෙවෙයි! අවුරුද්දට ගමේ යන්න! (වීඩියෝ)
    Sri Lanka
    පෙර පුව​තමෙරට ඇට පිටරට යවයි
    ඊළඟ පුව​ත අලුත් අවුරුද්දට බාර් වැහෙයි

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group