Author: Kesara Athipola

රට ආර්ථික අර්බුදයට ඇද දැමීමට හවුල් වූ පිරිස් ආණ්ඩුවෙන් වෙන් වී නව සන්ධාන ගොඩනගාගෙන ඉදිරි මැතිවරණ සදහා තරග කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ජනරැළියකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ.

තව කියවන්​න

බංකොලොත්භාවයට පත් වූ රටක ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී රාමුවකට කොටු වී සිදු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ තවත් සක්වල වැඩසටහනකට එක්වෙමින්.

තව කියවන්​න

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 26 වනදා දක්වා කල් තබා තිබෙනවා. ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.

තව කියවන්​න

ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට රජය තීරණය කර ඇත. මෙම ගුවන්තොටුපල දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලද අතර එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය ( RAF Minneriya) ලෙස හඳුන්වා ඇත. රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල රටේ ආර්ථිකයට ශක්තියක් කර ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ජාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය තීරණය කර ඇත. ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මුලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ප්‍රථම අදියර…

තව කියවන්​න

2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම යටතේ අයදුම් කිරීමේ කාලසීමාව 2024.04.10 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර ඇත. 2024/04/05 දින සිට 2024.04.10 දින දක්වා අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ට, අයදුම්පත්වල සංශෝධනයන් සිදු කළ යුතු නම් 2024.04.11 දින සිට 2024.04.17 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙනු ලැබේ.

තව කියවන්​න

අද වන විට දිවයිනේ ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම පිළිබඳ නවතම වාර්තාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම වාර්තාව පහතින්.

තව කියවන්​න