- බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
- හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
Author: Kesara Athipola
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (09) පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථාන සංකිර්ණයේ දී එක්වෙමිනි. ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ලෙස යතුරු පැදි 50ක් ප්‍රදානය කිරීම සිදු කෙරුණු අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 17කි.
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිරි තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් සංචිතයට එක්ව තිබෙනවා. ඒ පසුගියදා වනිදු හසරංගගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් ඔහුට IPL තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දීමත් සමගයි.
අප්‍රේල් 12 වනදා රජයේ නිවාඩු දිනයක් වුවත් අලුත් අවුරුදු සමයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු තැපැල් සේවකයන් එදින රාජකාරියේ නිරතවීමට එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. පසුගිය සමයේ ඉන්ධන පෝලිම්වල සිටි ජනතාව මෙවර අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙදිපිලි ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඒකරාශී වී සිටින අයුරු දැකගත හැකි බවත් එම වෙනස රට තුළ ඇතිවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් දියත් කළ රට ගොඩ නැඟීමේ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය නිසා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කර සිටියේ…
පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඉදිරිපත් වූ අපේක්ෂකයකු තැන්පත් කරන ලද රුපියල් පනස්දහසක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. මැතිවරණවලට අදාළ ඇප මුදල් සම්බන්ධ නෛතික ප්‍රතිපාදන වසර හතළිහකින් සංශෝධනය නොවීම සහ රුපියල අවප්‍රමාණය වීම වැනි කාරණා නිසා මීට දශක හතරකට පෙර යොදාගත් ඇප මුදල් වර්තමානයට ප්‍රායෝගික නොවීම මත ඒවා සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2024.04.10 වන බදාදා දින අවසන් වනවා. පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වන බදාදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.17 වන බදාදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ලංකා සතොස විසින් තවත් භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. එම නිවේදනය පහතින්.
බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරෙන් කාන්තාවක් මිය ගොස් ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුර හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුද තාවකාලිකව අත්හිටුවා ඇත. එමෙන්ම නළ මාර්ගවලට සිදු වූ හානි හේතුවෙන් නිවාස 8,000 කට පමණ ගෑස් සැපයුමට බාධා එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙලෙස ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා.
ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත් කර තිබේ. ඒ මහතා මින්පෙර ලංකා ධීවර සංස්ථාව, ලංකා ඛනිජවැලි නීතිගත සංස්ථාව හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ තාක්ෂණික සේවා ආයතනය යන ආයතනවල සභාපති ධුරයේ කටයුතු කර තිබේ. මීට අමතරව හම්බන්තොට වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ආයතන කිහිපයක ද ඒ මහතා තනතුරු දරා තිබේ.
මහ බැංකුව ඊයේ (09) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 294ක් ලෙස දැක්වු අතර විකුණුම් මිල රුපියල් 303.44ක් ලෙස සටහන්ව තිබුණා. ස්ටර්ලිං පවුමක ගැණුම් මිල රුපියල් 370.71ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 385.65ක් ලෙසත් මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයේ සඳහන් වූවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222