- බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
- හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
Author: Kesara Athipola
උත්සව සමය අරමුණු කරගනිමින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එක ම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1200ක් ලෙසත්, පාන් පිටි කිලෝව රුපියල් 185ක් ලෙසත් මිලදී ගත හැකියි. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවි සැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ඊයේ දින සිට (2024.04.10) ලබා ගත හැකියි.
කොළඹ 05, නාරාහේන්පිට, නො.163 ලිපිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිතව ඇති රජයේ ප්‍රකාශන කාර්යාංශය 2024 අප්‍රේල් 15 වසා තැබේ. තොග ගණනය සහ අභ්‍යන්තර නඩත්තු කටයුතු හේතුවෙන් අප්‍රේල් 15 වසා තැබෙන රජයේ ප්‍රකාශන කාර්යාංශය අප්‍රේල් 16 සිට යළි සුපුරුදු පරිදි විවෘත කෙරේ.
අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව දැනට 1,854,000 අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්න අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා පවසයි. ඒ…
පසුගිය දිනවල කතාබහට ලක්වූ ජාතික ජන බලවේගයේ නායක නෞර කුමාර දිසානායක මහතාගේ සහ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විවාදය පිළිබඳව ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මගතා විසින් නිල ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ උපුටා ගැනීම පහතින්. ජනමාධ්‍ය නිවේදනයයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් ඇති බැවින් ඒ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කළ යුතුව තිබේ. දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ පළමු කථාබහ නිර්මාණය වන්නේ අප…
ගුල්ලන් හා පණුවන් සහිත පරිභෝජනයට නුසුදුසු කෙටි ආහාර නිෂ්පාදනයට ගන්නා බිස්කට් කුඩු කිලෝ ග්‍රෑම් 870 ක් සහ තවත් ආහාර වර්ග රැසක් කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන තිබෙනවා. ඒ, එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් සිදු කළ ලද වැටලීමකදීයි. එමෙන්ම වෙළඳසැල් කිහිපයකම නියමිත පරිදි ඇසුරුම් නොකරන ලද සැමන් මාළු සහිත ටින් 40 ක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගෙන තිබෙනවා.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායිකව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා . ඒ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී . සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව එලෙස ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ගත වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2025 වසරේ සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම මෙයට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222