Author: Kesara Athipola

උත්සව සමයේ කිසිදු හිගයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනිමට ජනතාවට අවස්ථාව සලසා ඇති බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. එමෙන්ම වංචනික ක්‍රියාවන් සිදුකරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කළා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් නලීන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

දකුණු කොරියාවේ මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ආසන 300 කින් යුත් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 254 දෙනෙකු ඡන්දයෙන් තෝරා ගැනෙන අතර ඉතිරි පිරිස පත් වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ තෝරා ගනු ඇති.

තව කියවන්​න

මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන සුජිත් රාජේන්ද්‍රන් රිය අනතුරක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු පසුගිය මාර්තු 26 වැනිදා අලුවා-පරවුර් පාර ජනාවාස පාසල ඉදිරිපිටදී මෙසේ අනතුරට ලක් ව ඇති අතර පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

තව කියවන්​න

අද දිනයේ රත්තරන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කර තිබුණා. ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල අද දිනයේ රුපියල් 181,950ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල දැක්වුණේ 198,500ක් ලෙස සටහන් වුණා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය හිමිවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) මහතා පැවසීය. ජේක් සලිවන් මහතා මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සමඟ ඊයේ (10) දුරකතන සාකච්ඡාවකට එක් වෙමිනි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් තීරණාත්මක මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. කඩිනම් ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහය අගය කරන බව සඳහන් කළ සුලිවාන් මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන මඟින් පෙන්වා දී ඇති රාජ්‍ය මූල්‍ය, මුදල්…

තව කියවන්​න

පොදු ජන යහපත පිණිස සුචරිත සමාජයක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (09) භාර දෙනු ලැබීය.ආගමික අධ්‍යාපනය වර්තමානයේ දැඩි ලෙස සෝදා පාළුවකට ලක් වී ඇති බවත් ඒ හරහා අපරාධ රැල්ල සමාජය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් පෙන්වා දෙමින් සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජිත ස්වාමීන්වහන්සේලා විසින් මෙම යෝජනා මාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය පිණිස ඉදිරිපත් කර තිබේ. පිරිවෙන් ආරම්භ කිරීම, ධර්මාචාර්ය විභාගය සමතුන්ට ගුරු සහායක පත්වීම් ලබාදීම, විද්‍යාපීඨ අරම්භ කිරීම වැනි පියවර ගනිමින් වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, අමාත්‍යවරයකු මෙන්ම අගමැතිවරයෙකු ලෙසද ඉතිහාසය…

තව කියවන්​න

අප්‍රේල් 15 වන දින රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් ක‍රමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්.

තව කියවන්​න