- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Kesara Athipola
තායිවාන ජාතික LU,SU-FENG මැතිනිය ඊයේ (19) ඇමරිකානු ඩොලර් 3025 (රුපියල් 913,688.55) ක මුදලක් දීඝවාපිය භාරකාර අරමුදලේ ගිණුම වෙත බැර කිරීමට කටයුතු කර ඇත. පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය අතරතුරදී දීඝවාපිය පුදබිමේ සිදු වෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු සියැසින් දැක පැහැදීමෙන් එතුමිය මෙම මුදල පරිත්‍යාග කර තිබේ. එම මැතිනිය එවා ඇති ඊමේල් පණිවිඩයට අනුව, දීඝවාපිය පුදබිමේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා ද එතුමියගේ පින්බර දායකත්වය දැක්වීමට බලාපොරොත්තු වන බව දක්වා ඇත. දීඝවාපිය පුදබිම බුදුරජාණන් වහන්සේ වැඩම කර ඇති සොළොස්මස්ථානවලට අයත් පූජනීය ස්ථානයකි. ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වූ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතුවල මේ වන විට බොහෝ ප්‍රගතියක් දක්නට…
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ කැනඩාවේ වැන්කුවර්හි බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ (University of British Columbia, Vancouver, Canada) බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත කාර්යමණ්ඩලය දැනුවත් කිරීම සහ පුහුණු කිරීම සඳහා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහභාගීත්වය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය. මේ යටතේ මෙරට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 හි අධ්‍යාපනඥයින්, කථිකාචාර්යවරුන්, විදුහල්පතිවරුන් මෙන් ම, ඉදිරියේ දී විද්‍යාපීඨ ඒකාබද්ධ කරමින් පිහිටුවීමට නියමිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පරිපාලකයින් සහ පීඨ සාමාජිකයින් පුහුණු කිරීම සඳහා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහාය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ ව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.
ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටී තිබෙනවා. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව එය සියයට බින්දුවයි දශම 4යි 8කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. මෙම ජනගහනය මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව 13 වරට බවයි විදේස් මාධ්‍ය වාර්තා පවසන්නේ. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ අතර ජපානයේ තනිව ජීවත්වන වැඩිහිටි ජනගහනය 2050 වන විට සියයට 47ක් දක්වා ඉහළ යනු ඇති බවට එරට පරීක්ෂණ ආයතනයක් නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබෙන්නේ.
2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වාදී තිබෙනවා. එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.සදහන් වන්නේ.
හෙට දිනයේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව පවසනවා. එම දෙපාර්තතමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු තැනින් ්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවද නිවේදනය කර තිබෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොරව සියලු දෙනා සමගියෙන් එක්වී රට දියුණු කිරීමට ක්‍රියාකළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් පෙන්වා දෙනවා. මේ අතර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අස්ගිරි මල්වතු මහා විහාර කේන්ද්‍රකොටගෙන දැකුම් ගමන් යාමේ පුරාණ චාරිත්‍රය අද පෙරවරුවේ අස්ගිරි විහාරයේදී සිදු කෙරුණා. මෙය පෙර රජ දවස සිට පැවත එන චාරිත්‍රයක් වනවා . ඒ අනුව අලුත් අවුරුදු උදාවට පෙර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාව නියෝජනය කරන සියලුම නා හිමිවරුන් සහ අස්ගිරි විහාරවාසී භික්ෂූන් වහන්සේ සියලු දෙනා අස්ගිරි මහ නා හිමි අති පූජ්‍ය වරාකගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් වහන්සේ වැඩ වසන නිල ආරාමය…
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවන්නට තවත් පැය කිහිපයක කාලයක් ඉතිරිව තිබෙනවා. මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අද පස්වරු 2.41 ට ආරම්භ වුණා . මේ අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 14 වනදා අලුයම 3.29 දක්වා පැවැත්වනු ඇති . ඒ අනුව පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන් වනවා . මේ අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, අද රාත්‍රී 9.05යි . මේ අතර රාත්‍රි 11.06 ට නීලවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා ළිප් බැද ගිනි මොළවා තල, උක් හකුරු මිශ්‍ර කිරිබතක්ද ,තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියල කරගනු මැනවී. මේ අනුව වැඩ ඇල්ලීම, ගණුදෙනු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222