- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට අදත් වැසි
- ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉන්දුනිසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙකු ජිවිතක්ෂයට
- ඉන්දු – අමෙරිකානු වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් අදියරේ
- රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව දිලිත් කියයි
- තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද පන්සල හරහා ප්‍රවර්ධනය කළ යුතුයි – විපක්ෂ නායක
- ස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිවේදනය කරයි.
- ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ සිවිල් වැසියන් 40 කට අධික පිරිසක් ජීවිතක්ෂයට
- නවක වදය අවසන් විය යුතු බව අග්‍රාමාත්‍ය කියයි
Author: Kesara Athipola
සුපිරි චිත්‍රපට නිෂ්පාදක කේ.පී. චෞද්රි නොහොත් සුන්කර ක්‍රිෂ්ණ ප්‍රසාද් චෞද්රි පසුගියදා (03) සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුප්‍රසිද්ධ දමිළ චිත්‍රපටයක්වන රජිනිකාන්ත් රඟපෑ කබාලි චිත්‍රපටයේ තෙළිඟු අනුවාදයේ නිෂ්පාදක වන ඔහු මූල්‍ය අර්බුදයක් හේතුවෙන් මෙසේ සියදිවි නසාගෙන ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ. උතුරු ගෝවාහි පිහිටි ඔහුගේ නිවසේදී මියයන විට ඔහු 44 හැවිරිදි වියේ පසුවුණා.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම, නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවටද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් සඳහන්.
පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කර සිටිනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ 77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින්. ජනාධිපතිතුමන්ගේ පණිවිඩය පහතින්. “අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රවර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස ඇත. පසුගිය සියවසේ අපට අහිමි වූ සහ අපට මඟහැරුණු පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යළි ගොඩනඟා ගැනීමේ…
අමෙරිකානු ජනාධිපතිවරයා සහ මෙක්සිකානු සහ කැනඩාවේ ජනාධිපතිවරුන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝව සහ කැනඩාව වෙත පනවා තිබූ අධික තීරුබදු දින 30 කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දේශසීමා ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙන්ම නීති විරෝධී සංක්‍රමණයට එරෙහිව සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට පියවර ගැනීමට අදාළ රටවල් එකඟවීමෙන් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවයි. එමෙන්ම දේශසීමා ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් දහස් ගණන් යොමු කිරීමට ද මෙහිදී අවධානය යොමුව ඇති බවත් එම වාර්තා සඳහන් කර තිබෙනවා.
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස් ප්‍රකාශ කර තිබෙනවා ජාතික ආරක්ෂාව මුවාවෙන් එවැනි වැරදි ක්‍රියාවන් සිදු කිරීමට චීනය දැඩිව විරුද්ධ වන බව ඔහු කියාසිටියා. චීන සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ චීනයේ සංවර්ධන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව චීන විදේශ අමාත්‍යංශ මෙහිදී සදහන් කළා.
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට නොහැකි වීම හේතුවෙන් . ඔවුන් එම තරගයේදී පන්දුවාර පහක් යවා අවසන් කිරීමට නියමිත කාල සීමාවන් තුළදී අසමත් වී ඇති බවටයි විනිසුරුවන් තීරණය කර ඇත්තේ. ඒ අනුව තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් ක්‍රීඩකයින්ට පැනවීමටත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු පහක් කපා හැරීමටත් තරග තීරකවරයා විසින් තීරණය කර තිබෙනවා. පාකිස්තාන නායක ශාන් මසූඩ් සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බව අයි.සී.සීය නිවේදනය කළා. මෙම ටෙස්ට්…
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් ජයිකා ආයතනය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා පැවසුවේ, මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහය ලබා දීමටද සූදානම් බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි යන මහත්වරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳ හාරා ෂෝහෙයි මහතා එහිදී සිය ප්‍රසාදය පළ කරමින් පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහය ලබාදීමටද සූදානම් බවයි. මෙරට ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ නගර පවිත්‍රකරණ කටයුතු…
ශ්‍රී ලාංකිකයින් අටදහසකට මේ වසරේ කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා . එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා කියා සිටියේ නීතිවිරෝධී ලෙස කොරියාවේ රැදී සිටින පිරිස් වහාම මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි. දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන 96 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කරමින් සභාපටහිවරයා මේ බව පැවසුවා. ඔවුන් දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා මේ වසරේ පිටත්ව යන පළමු කණ්ඩායමයි. නීතිවිරෝධී ලෙස කොරියාවේ රැදී සිටින අයගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඉදිරි නීතිමය පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළා. විදේශ රැකියාවල නිරත වූවන් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් මිලියන 6,000ට අධික මුදලක් මෙරටට සපයාදෙන බවද විදේශ…
යෝජිත ද්විපාර්ශ්වික ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළද අවසන් එකඟතාවකට එළැඹ නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඒකාබද්ධ ප්‍රකාශයෙන් ඔබ්බට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, අදාළ ගිවිසුම සම්බන්ධයෙන් අඛණ්ඩ සාකච්ඡා සිදු කෙරෙන බවත් ඉන්දීය මහකොමසාරිස්වරයා මාධ්‍ය වෙත පවසා තිබෙනවා. එය නිශ්චිත කාල රාමුවක් තුළ අවසන් වේද? නැතහොත් ඊට වැඩි කාලයක් ගතවේද? යන්න සම්බන්ධයෙන් තීරණය වන්නේ එය සිදු කිරීමට දෙපාර්ශවයේම තිබෙන උනන්දුව මත බවයි ඉන්දීය මහකොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් කාල රාමුවක් පැන වීම යථාර්ථවාදී නොවන…
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම ගනුදෙනු වලට අදාළ ආදායම් විස්තර වාර්තා ලබන මාර්තු මස 01 වැනිදාට පෙර ඉදිරිපත් කල යුතු බව එම චක්‍රලේඛනයේ සදහන් වනවා. මෙලෙස වෙන්දේසි කෙරෙන වාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම නොකළ යුතු බවද එහි දැක්වෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222