Author: Kesara Athipola

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් ඉතා රළු වන බැවින් නැවත දැනුම්දෙන තුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ. වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වේ. මෙම සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක. මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ…

තව කියවන්​න

ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුව මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ. එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වූහ. ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Hugo Idoyaga Benitez මහතාගේ ආරාධනයක් පරිදි අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මෙම සමුළුවට සහභාගි වී සිටියහ.

තව කියවන්​න

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Future Creations ආයතනය (TIFC) සහ London College of Fashion (UAL) සහ Chamber of Ethical Lifestyle Enterprises (CELE) ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයෙන් “Creative Sri Lanka 2030” ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි. මෙම සහයෝගීතා ප්‍රයත්නයේ අරමුණු වන්නේ ආචාරධාර්මික, තිරසාර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, අගය එකතු කළ නිෂ්පාදන අපනයනය වැඩි කිරීම සහ ආර්ථික සංවර්ධනය සඳහා නිර්මාණාත්මක කර්මාන්තයේ උපරිම දායකත්වයක් ලබා දීමයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉහළ දායකත්වයක් සහිත ගෝලීය නිර්මාණාත්මක කර්මාන්තය ලොව පුරා වේගයෙන්ම වර්ධනය වන ආර්ථික අංශයක් ලෙස කැපී පෙනෙන අතර රටවල් ගණනාවක දළ දේශීය නිෂ්පාදිතයට (GDP) දායකත්වයක් සපයන සැලකිය…

තව කියවන්​න

රට ගොඩනැඟීමට නම් පැරැණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට විරැකියාව ඇති වුණේ පැරැණි ආර්ථික ක්‍රමය නිසා බවත්, එම නිසා අලුත් ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් නව රැකියා අවස්ථා බිහි කරගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඉරණමඩු නෙළුම් පියස ශාලාවේ පසුගියදා සංවිධානය කර තිබූ කිළිනොච්චිය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි. මෙහිදී කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි.

තව කියවන්​න

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පසුගියදා (26) පැවසීය. ඇල්පිටිය තේ වතු කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා දායක වන පිරිස් වෙත වතු කම්කරු වැටුප ඉහළ දැමීම පිළිබඳව දැනුම් දීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කුඩා තේ වතු හිමියන් මේ වන විටත් නියම කර ඇති අවම වැටුපට වඩා වැඩි මුදලක් ගෙවන බවත්, රජයට අයත්ව තිබී පුද්ගලික අංශයට පවරා ඇති ප්‍රාදේශීය වතු සමාගම්වල මෙම…

තව කියවන්​න

විප්ලවයකින් තොරව, අධිකරණයේ සිර වී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (26) පුදුකුඩියිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ පැවති “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ වව්නියා දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි. වව්නියාව රෝහල ප්‍රධාන රෝහලක් ලෙස සංවර්ධනය කරන බවත්, වව්නියාව විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පැවසීය. වව්නියාව දිස්ත්‍රික්කය තුළ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමතරව නැවත පදිංචි කළ පිරිසට ද කඩිනමින් ඉඩම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.…

තව කියවන්​න