Author: Kesara Athipola

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව 2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර ඊට දායක වූ සියලුදෙනා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පළ කර සිටියි. එසේම විවිධ පාර්ශ්වයන් වෙතින් ලැබුණු ඉල්ලීම් අනුව මැයි 31 දක්වා තවදුරටත් මීට දායකවීමට අවස්ථාව සලසා තිබෙන අතර අදාළ සියලු පරිත්‍යාගයන් කඩිනමින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ලබාදීමට නියමිතය.

තව කියවන්​න

ශ්‍රි ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ගම්මාන හතරක් පදනම් කර ගනිමින් ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. රුපියල් මිලියන 20ක වියදමින් ගොවීන් 50ක් යොදා ගනිමින් ආරක්ෂිත ගෘහ 42ක් තුළ මෙම ස්ට්‍රොබෙරි වගාව ආරම්භ කර ඇත. අපනයනය කළ හැකි සෑම පලතුරු හා එළවළු වගාවක් සඳහා ම ආදර්ශ ගම්මානයක් බැගින් පිහිටුවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් දී ඇති උපදෙස් පරිදි මෙම ස්ට්‍රොබෙරි ආදර්ශ වගා ගම්මානය ස්ථාපිත කෙරිණි. මෙම ස්ට්‍රොබෙරි වගාව සඳහා ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැළ ගොවීන් අතර බෙදා දීමට පියවර ගත් අතර ඒ අනුව ආරක්ෂිත ගෘහ තුළ පැළ…

තව කියවන්​න

වදුරව සහ වේයන්ගොඩ අතරදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියයාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ හටගත් දුම්රිය ප්‍රමාදය මේ වන විට අවසන් වී තිබෙනවා. අද (28) උදෑසන 6.25ට පමණ සිදුවූ මෙම අනතුර හේතුවෙන් පැයක පමණ දුම්රිය ප්‍රමාදයක් සිදු වුණා.

තව කියවන්​න

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන – 2024/2025 සඳහා අයදුම්පත් භාර ගැනීම ජුනි මස 07 වන දා දක්වා දීර්ඝ කර ඇත. මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිත බැවින් සුදුසුකම් සම්පූර්ණ කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර එදිනට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයද, පන්තිභාර ආචාර්යවරයාගේ, පාසලේ විදුහල්පතිගේ හා කලාප අධ්‍යක්ෂකගේ නිර්දේශයද සහිතව ලේකම්, ජනාධිපති අරමුදල, අංක 35, තුන්වන මහල, ලේක්හවුස් ගොඩනැගිල්ල, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි…

තව කියවන්​න

නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) විවෘත කෙරිණි. යහපාලන රජය යටතේ 2019 වසරේදී එවකට අග්‍රාමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි. අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් නෙදර්ලන්ත රජයේ සහයෝගය යටතේ ලැබී ඇති මෙම සෞඛ්‍ය පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට රජය කටයුතු කරන බවයි. මේ වන විට නවීන සහ දියුණු රෝහල් පද්ධතියක් උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ලැබී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා A9 මාර්ගයේ ශක්තිමත් වූ මෙම නවීන රෝහල් පද්ධතිය…

තව කියවන්​න