- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Author: Kesara Athipola
රුසියානු හමුදා සේවයේ යොදවා සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට බලපාන ගැටලු නිරාකරණය සහ විසඳීම සඳහා රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති, කර්නල් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ෆොමින් මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (26) පැවැත්විණ. මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ද එක් විය. මියගිය සහ තුවාල ලැබූවන් සඳහා වන්දි ගෙවීම සහ වේතන විධිමත් කිරීමත්, ස්වේච්ඡාවෙන් ආපසු පැමිණීමේ සහ කලින් කොන්ත්‍රාත්තුව අවසන් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී තිබේ.
රාජ්‍ය වැවිලි සමාගම්වල සේවක පාරිතෝෂිත මුදල්, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් ගෙවීමට රජය ගත් තීරණය අනුව නිරවුල්ව අදාළ හිමිකරුවන්ට මුදල් ගෙවීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණ. අමාත්‍යාංශ ලේකම්, කම්කරු කොමසාරිස් ජනරාල්, සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරි, සේවක භාරකාර අරමුදලේ සභාපති, අදාළ රාජ්‍ය වතු සමාගම් වල ප්‍රධානීන් ඇතුළු සියලු නිලධාරීන් ඊට කැඳවා තිබිණ. මුදල් සෙවීම සේම නිසි පරිදි අදාළ හිමිකරුවන්ට මුදල් ලබාදීම ද නිශ්චිත කාල රාමුවක දී සිදු කළ යුතු බැවින් හිමිකරුවන්ගේ ලේඛන සකස් කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී උපදෙස් දෙනු ලැබීය.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අනු ව්‍යාපෘතියක් වශයෙන් ‘උමා ඔයෙන් පැල්වත්තට’ යන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා (01) වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. දෙපාර්ශ්වය නියෝජනය කරමින් පැල්වත්ත සීනි සමාගම වෙනුවෙන් එහි සභාපති විශ්‍රාමික ජෙනරාල් සාරද සමරකෝන් මහතා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අජිත් ගුණසේකර මහතා ගිවිසුම සඳහා අත්සන් තැබීය. ශ්‍රී ලංකාවේ ගිනිකොණදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීමට උමා ඔය ද්‍රෝණියේ පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීම සඳහා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් විය. පැල්වත්ත…
ඇමරිකානු එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ආසියා කලාපය භාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ අමෙරිකානු තානාපති ජූලි චැංග් මහත්මිය මුදල් අමාත්‍යාංශයේ දී මුදල් රාජය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමේ වැදගත් පියවරක් වන ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් එක්සත් ජනපදයේ රජයට සහ ජනතාවට, රජය සහ ජනතාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා කෘතඥතාව පළ කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය තවදුරටත් වැදගත් වන අතර එය දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවයක් වේ. මෙම හවුල්කාරිත්වය, බහුවිධ අංශ හරහා විහිදෙන අතර එය රටවල් දෙකටම ප්‍රතිලාභ ලබාදෙමින්…
මෙරට වසර 100ක් පමණ පැරණි ක්‍රීඩාංගණයක් වන CR & FC ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් රාත්‍රී කාලයේ ක්‍රීඩා කිරීමට හැකිවන අයුරින් ආලෝකකරණ පද්ධතිය සකස් කිරීම ආරම්භ කෙරිණි. ඒ සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම ආලෝකකරණ පද්ධතිය සකස් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය මඟින් මිලියන විස්සක ප්‍රදානයක් සිදු කරනු ලැබීය. එළඹෙන රග්බි ක්‍රීඩා සමාජ මගින් පවත්වන තරඟාවලියට පෙර එම කටයුතු නිම කිරීමට අපේක්ෂා කෙරේ.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරටට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාගැනීමට සංචාරක ප්‍රදේශවල රෝහල් තුළ සංචාරකයින් සඳහා වෙනම රෝහල් වාට්ටු ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටී. ඒ පිළිබඳ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ නිලධාරීන් අතර පැවැත්විණ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව පොතුවිල්, දියතලාව, දඹුල්ල සහ තිස්සමහාරාම යන රෝහල් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කර තිබේ.
ලංකා ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා සහ ඉහළ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා (01) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණ. ලංකා ඉන්දියානු තෙල් සමාගම, ඊයේ (02) සිට ඔක්ටේන් 100 පෙට්‍රල් මෙරට වෙළදපොළට නිකුත් කරනු ලැබීය. ලීටරයක මිල රු. 793කි. මෙම සාකච්ඡාවේ දී එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් ජාලය පුළුල් කිරීම, තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු, ලිහිසි තෙල් වෙළදපොළ, ඉන්ධන මිල සුත්‍රය සහ යෝජිත ඉන්දියානු ශ්‍රී ලංකා ඒකාබද්ධ ඉන්ධන නල මාර්ගය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ගැනිණ.
ශ්‍රී ලංකාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් ලෙස නවතමයෙන් පත් වූ Masood Imad මහතා ඊයේ (ජුලි 02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය. එදින පස්වරුවේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මාලදිවයින් නියෝජිත පිරිස ජෙනරල් ගුණරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මාලදිවයින් නව මහ කොමසාරිස්වරයා සමඟ සුහද කතාබහක නිරත වූ ජෙනරල් ගුණරත්න ඔහුට සිය නව පත්වීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම අභිලාෂය බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ…
ස්පාඤ්ඤයේ සිට උරුගුවේ බලා පියාසර කරමින් තිබූ යුරෝපා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් උඩු ගුවනේදී වායු තෙරපීමකට ලක්වීමෙන් මගීන් 30 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම තත්ත්වය හේතුවෙන් එම ගුවන් යානය බ්‍රසීලයට හදිසි ගොඩබැස්මක් සිදු කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා. මගීන් 325 දෙනකු රැගෙන පියාසර කරමින් තිබූ බොයිං 787-9 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ එම ගුවන් යානය වායු තෙරපුමට ලක්වීමෙන් පසු දකුණුදිග බ්‍රසීලයේ නේටල් ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222