- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Dhanushka
ඉරානයේ දී සිදුවූ හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි නියෝග කර තිබෙනවා ඉස්මයිල් හනියේගේ ඝාතනය දැඩිව විවේචනය කරන ඉරාන නායකයා හදිසියේ රැස්වූ ඉරාන අධ්‍යාත්මික ජාතික ආරක්ෂණ කවුන්සිලයට මෙම නියෝගය ලබා දී තිබුනා . මෙවන් පසුබිමක සිය නායකයාගේ ඝාතනය මැද පෙරදිග යුද ගැටුම් වෙනත් දිශානතියකට යොමු කරනු ඇති බව හමාස් සංවිධානය පවසනවා
හමාස් නායකයා ඝාතනය කිරීමට වගකිව යුතු නිසා ඉරානය ඊශ්‍රායලයට ර්‍ණදරුණු දඬුවම්” දෙන බවට තර්ජනය කර තිබෙනවාග නමුත් තවමත් බදාදා අලුයම ටෙහෙරානයේදී ඉස්මයිල් හනියේ මරා දැමූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සෘජුව අදහස් දක්වා නැහැග කෙසේ වෙතත්ල ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේල ටෙහෙරාන් ප්‍රහාරයට පැය කිහිපයකට පෙර ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු ද ඝාතනය කළ බවයිග ඉදිරියේදී තවත් අභියෝගාත්මක දින ඇති බව ඔහු අනතුරු අඟවා ඇති අතර එය මැදපෙරදිග පුලුල් ගැටුමක් පිලිබඳ භීතිය වර්ධනය කරන බවයි විචාරකයන් පවසන්නේග
විසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයන් 06 දෙනෙකු කළුතර , පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු සහ එක් කාන්තාවක් සිටින බවයි පොලිසිය සදහන් කලේ . අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 20 සිට 48 ට දක්වා වන වයස් පරාස වල පසුවනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව ඇතැම් ප්‍රදේශ වලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස හෝ රාත්‍රීයේදී වැසි ඇති විය හැකි බවයි. දිවයින තුල සුළගේ වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් අතර අගයක් ගනු ඇති .
අයිස් බවට සැක කළ හැකි මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වැලිකඩ බන්ධනාගාර නිලධාරිවරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේ දී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් අදාළ නිලධාරීයා පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී අයිස් බවට සැක කළ හැකි මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් සොයාගෙන ඇති බව සඳහන් ඔහුගේ රාජකාරී පාවහන් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කලා . මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 20ක පමණ කාලයක් බන්ධනාගාරයේ සේවය කළ නිලධාරියෙකු වනවා අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත යොමුකර තිබෙනවා
පොළොන්නරුව පොලිස් වසමේ සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබෙනවා එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක පුද්ගලයෙක් තම ඉඩමේ ඇව්දෙමින් සිටිය දී පය පැටලී ගිනිඅවිය ක්‍රියාත්මක වී ඇති බවට බිරිඳ විසින් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති ද යන්න සම්බන්ධයෙන් පොලීසිය සැකකරන අතර .පොළොන්නරුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා
යාපනය – ඩෙල්ෆ් මුහුදු සීමාවේදී නාවික හමුදා යාත්‍රාවක් සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් ගැටී සිදුවූ අනතුරකින් ඉන්දීය ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියේ, මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිස සිය භාරයට ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමක් අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය යාත්‍රාවේ ධීවරයින් 4 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු මේ වන විට අතුරුදහන්ව තිබෙනවා. නාවික හමුදාව සිය භාරයට ගත් ඉන්දීය ධීවරයින් තුන්දෙනා රෝහල් ගත කරන අතරතුර එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ
තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ශුක්‍ර ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී ඊයේ පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී ඇති බව සදහන් එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ද මියගොස් තිබෙනවා ඔහුව ඝාතනය කර තිබුණේ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් හි නිවසකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකිනි. මෙම ඝාතන හේතුවෙන් මැද පෙරදිග යුද උණුසුම වැඩිවී ඇති බව ද දේශපාලන විචාරකයෝ පවසනවා
කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසනවා . ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරනවා
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වයනාද් දිස්ත්‍රික්කයේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විපතට පත් ප්‍රදේශවල සිරවී සිටින පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් කේරළයේ වයනාද් දිස්ත්‍රික්කයට බලපෑ නායයෑම් හේතුවෙන් තවත් 186 දෙනෙකු පමණ තුවාල ලබා සිටිනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222