Author: Dhanushka

ඊයේ දින කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු සේවකයින් ක්‍රියාත්මක කළ පැය 24 සංකේත වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා. ඉන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ භාණ්ඩ ලක්ෂ 02ක් පමණ සහ දිවයින පුරා ඇති තැපැල් කාර්යාලවල ලක්ෂ 15කට ආසන්න තැපැල් භාණ්ඩ ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.

තව කියවන්​න

හයිටි රාජ්‍යයේ අගමැති ඒරියල් හෙන්රි ඉල්ලා අස්වීමට එකඟ වී ඇතැයි කැරබියන් රටවල් සමූහයේ සභාපතිවරයා පවසනවා. රට තුළ ඉහළ යමින් පවතින ප්‍රචණ්ඩත්වය හමුවේ අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි සදහන් වන්නේ. 2021 වසරේ ජූලි මාසයේ එරට ජනාධිපතිවරයා ඝාතනයට ලක්වූ දිනයේ සිට ඒරියල් හෙන්රි විසින් හයිටි රාජ්‍ය කටයුතු මෙහෙයවා තිබුණා. කෙසේ වෙතත් අගමැති ඒරියල් හෙන්රිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝර්ට් ඔර් ප්‍රින්ස් හි දැඩි ප්‍රචණ්ඩකාරි ක්‍රියා හටගැණුනා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අහිමි වී තිබෙනවා. ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් පළමු එක්දින තරගය අහිමිව ඇති බවයි ක්‍රීඩා වාර්තා සදහන් කළේ. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය හෙට සවස 2 ට චිතගොන් හිදි ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

එළඹෙන උත්සව සමය වන විට මිල ඉහළ ගොස් ඇති ලොකු ලූණු වල මිල ගණන් පහත වැටෙනු ඇති බවට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානයේ වෙළෙන්දන් සදහන් කළේ වෙනත් රටවලින් ඇණවුම් කළ ලොකු ලූණු තොග මෙරටට ලැබීමත් සමග මෙම තත්ත්වය සමථයකට පත්විය හැකි බවයි. කෙසේ වෙතත් පාකිස්ථානය තම නිෂ්පාදන අපනයනය තහනම් කිරීම හමුවේ මේ වන විට දේශීය වෙළදපොලේ රට ලොකු  ලූණු  මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට මෙරට වෙළපොලේ ලොකු ලූණු කිලෝවක මිල සටහන් වන්නේ රුපියල් 560 ත් 580 ත් අතරයි.

තව කියවන්​න

කුලුබඩු වර්ග කිහිපයක්, ප්‍රතිඅපනයනය සදහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ, ඉඟුරු හා කරදමුංගු ආදි මෙරට කුලුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සදහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටයි පියවර ගත්තේ. කෙසේ වෙතත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී ඇත්තේ කුලු බඩු වර්ග ප්‍රතිඅපනයනය සදහා ආනයනයට අවසර ලබාදීම මගින් දේශීය කුලුබඩු ගොවියා අධෛර්්‍යමත් වන බවයි.

තව කියවන්​න

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරනවා. උඩුගං බලා යන අපේ සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීමට සංස්කෘතික සංගායනාවක් අවශ්‍ය බවත් සංගායනාවක් පැවැත්වීමට සූදානම් බවත් දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමික් සංස්කෘතික සංගයනාව පැවැත්වීමට සමස්ත කලාකරුවන් ඒකරාශි වීම ඇවැසිම කාලය එළඹී ඇතැයි ද අමාත්‍යවරයා එහිදී පැවසුවා. උරුමය උඩරට නර්තන පුහුණු පර්යේෂණ කේන්ද්‍රයේ “උරුමයක අස්වැද්දුම” ජනගත කිරීමේ මහෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව මාතලේ බෞද්ධ මන්දිරයේ දී පවසන ලදී.

තව කියවන්​න

නයිජීරියාවේ නිරතදිග කුරිගා නගරයේ පිහිටි පාසලක සිසුන් 280 දෙනෙකු අවිගත් කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා. පැහැරගෙන ගොස් සිටින සිසුන් වයස අවුරුදු 8 ත් 15 ත් අතර වයසේ පසුවන අතර මෙය සතියක් තුළ එරටින් වාර්තා වූ දෙවන සමූහ පැහැර ගැනීම බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. පාසල් සිසුන් ක්‍රීඩාංගණයේ රැස්වී සිටියදී අවිගත් පිරිස යතුරුපැදි කිහිපයකින් පාසල තුළට ඇතුළු වී පැහැරගැනීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

තව කියවන්​න

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ සිට හොරොව්පොතාන  කන්තලේ රක්ෂිතයේ නිධන් හෑරූ සැකකරුවන්  පස්දෙනෙකු සහ නිධන් හෑරීමට යොදාගත් උපකරනත්  ඔවුන් පැමිනි වෑන් රියත්  හොරොව්පොතාන පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා. හොරොව්පොතාන පොලිස් ස්ථානයට අද 11 අලුයම 3ට පමන කන්තලේ රක්ෂිතයේ දෙඹටවෑව අලුත්ගම්මානයේ  කායංගොල්ලෑව ප්‍රදේශයේ ගල්තලාවක පිරිසක් විසින් නිධන් හාරමින් සිටින බවට ලද තොරතුරක් මත කල වැටලීමකදී මෙම සැකකරුවන් අත්ඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස  රක්ෂිතය තුල ගල්තලාවක අඩි 15ක් පමන වලක් හාරමින් සිට ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ගල් විදින ග්‍රයින්ඩරයක්, ගල් කපන ග්‍රයින්ඩරයක්, ජෙනරේටරයක්, ඇමෝනියම් කිලෝ තුනක්, ජෙලට් නයිට් කූරු හතක්, කම්ප්‍රේශර් යන්ත්‍රයක්, පූජා භාණ්ඩ හා ඔවුන් පැමිණි වෑන් රථය පොලිසිය විසින් අත්අඩංගුවට…

තව කියවන්​න

බගවන්තලාව නගරයට කිසියම් ප්‍රදේශයක විසු රිලවුන් රංචුවක් අල්ලා ගෙනවිත් දැමිම හේතුවෙන් තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රඡාව සහ ප්‍රදේශවාසින් පවසයි. දැනට මාසයක පමණ කාලයක් තුල මෙම රිලවුන් රංචුව රැගෙනවිත් බගවන්තලාව ප්‍රදේශයට දමා ඇති බවත් මේ වන විට එම රිලවුන් තම වෙලදසැලේ ප්‍රදර්ශනය කර ඇති එලවළු සහ පලතුරු රැගෙන පලා යන බවත් පවත්නා තත්ත්වය මත එම රිලවුන් රංචුවෙන් ගැටළු රැසක් මතු වි ඇති බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ. රිලවුන් බිය ගැන්විම සදහා ගොරිල්ලෙකුගේ රුව සහිත වෙස් මුහුණක් පළතුරු සහ එලවළු මත තබා ඇති බවත් එම වෙස් මුහුණු දෙස නොබලා රිලවුන් පළතුරු සහ එලවළු රැගෙන පලා යන…

තව කියවන්​න

ගුරුවරුන් සේවයට පැමිණෙන තුරු පාසලේ දරුවන් රැකබලා ගැනීම මෙන්ම පාසල ආරම්භ කිරීමේ කටයුතු දෙමව්පියන්ට පැවරී ඇති පන්ති රැසකට වසර කිහිපයකින් උගන්වා නැති අපූරු පාසලක් පිළිබඳ තොරතුරු ලග්ගල ප්‍රදේශයෙන් වාර්තාවේ. විදුහල්පතිවරයා සහ ගුරුවරුන් පැමිණීමේ ප්‍රමාදය පිළිබඳව විමසීමේදී මාධ්‍යවේදීන් කලින් දැනුවත් කර පාසලට පැමිණෙන්නේ නම් ගුරුවරුන් කලින් ගෙන්වා ගැනීමට හැකි බව කියයි. ඉගැන්වීම් කටයුතු සඳහා ප්‍රමාද වී පාසලට එන්නේ කුමක් නිසාදැයි විමසීමේ දී ගුරුවරියන් කියා සිටින්නේ තමන්ට නිවසේ සහ තම දරුවන්ගේ වැඩකටයුතු තිබෙන නිසා ප්‍රමාද වන බවය. පාසැලේ දරුවන් බොහෝ දෙනකු පාසැල් නොපැමිණෙන බවත් වහාම මෙම පාසලට බලධාරීන්ගේ අවධානය යොමු කරන්නැයි දෙමව්පියෝ ඉල්ලා සිටිති.

තව කියවන්​න