Author: Dhanushka

අද දින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අ`ඵ මතින් නැගී සිටින දවසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා පවසනවා. රාජපක්ෂ කඳවුර ආරක්ෂා කරමින් විවිධ දේශපාලන පක්ෂ විසින් මඩ ප්‍රචාර පතුරුවා හරින විටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නොසැලී සිටීමට කටයුතු කළ නායකයෙකු බවයි ඒ මහතා කියා සිටියේ. ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ලෙස අතිදක්ෂ නායකත්වයක් සිය පක්ෂයට ලබාදෙමින් කටයුතු කරන විට බොහෝ පිරිස් හට එය ඉවසීමට නොහැකි වූ බවටයි සුමිත් උඩුකුඹුර මහතා කියා සිටියේ. කිසිදු දිනෙක ඡන්දයකින් පත්වීමට නොහැකි පුද්ගලයන් විසින් කුමන මඩ ප්‍රචාර දියත් කළද නොසැලි ඉදිරියට යාමේ හැකියාවක් ජොන්ස්නටන් ප්‍රනාන්දු මහතාට පවතින බව ඒ මහතා පවසා සිටියා. දේශපාලන…

තව කියවන්​න

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබෙනවා. එම අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරට පත්වන අවස්ථාවේ හෙලිකොප්ටර් යානා දෙකෙහි කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු පමණ සිට ඇති බව ද සදහන්.

තව කියවන්​න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 4 ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරග 2 ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම මේ වන විට තරගාවලිය ජයග්‍රහණය කර තිබෙනවා.

තව කියවන්​න

විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ යුරෝපීය රටවල රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 2 ක් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි සඳලංකා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ. පන්නල ප්‍රදේශයේදී ව්‍යාජ රැකියා ආයතනයක් පවත්වාගෙන යනු ලබන මෙම සැකකරු එහිදි විදේශ රැකියා ලබාදෙන බවට පවසා කාන්තාවකගෙන් සහ පිරිමි පුද්ගලයෙකුගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය සදහන් කළා.

තව කියවන්​න

වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතින බව සදහන්. අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසා සිටියේ, මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බවයි.

තව කියවන්​න

අමෙරිකා සම්බාධක ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. අමෙරිකාව පනවා ඇති සම්බාධක අනුව එක් එක් හමුදා ඒකකවලට ලබා දෙන ආධාර කපා හැරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වනවා. ඊට එරෙහිව සම්පුර්ණ ශක්තිය යොදා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරනවා. ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරු රටක් වන ඇමරිකාව මීට පෙර කිසි දිනක ඊශ්‍රායල හමුදාවලට ලබා දෙන ආධාර අත්හිටුවා නැහැ. කෙසේ වෙතත් අමෙරිකාවේ සම්බාධක පැනවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න පිලිබඳ ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

තව කියවන්​න

දුම්රිය නඩත්තු කටයුතුවලට පවා වර්තමානයේදී ණය ගැනීමට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍යවරයා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දුම්රිය සේවය දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බවයි. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේදී මහනුවරට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි අප වාර්තාකරු කියා සිටියේ. මෙහිදි ජනාධිපතිවරයා සහ මහානාහිමියන් අතර සුහද කතාබහක් ද ඇතිව තිබෙනවා. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරාකාගොඩ ශ්‍රී ඥාණරතන නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

තව කියවන්​න

පාසල් දරුවන් සඳහා බෙදාදීමට සැළසුම් කර තිබූ වේයන්ගොඩ පිහිටි රජයේ ආහාර ගබඩාවේ තිබූ සහල් තොග ප්‍රමිතියේ තොර බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය චෝදනා කරනවා. මෙම සහල් තොග ලෝක ආහාර සංවිධානය මගින් ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීමේ වැඩසටහනට අදාළව රැගෙන විත් තිබූ සහල් තොග බව සඳහන්. අදාළ සහල් තොග කෘමි හානියට ලක්වීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ. පවතින තත්ත්වය හමුවේ අදාළ ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.

තව කියවන්​න

අමෙරිකානු නාවික හමුදාව මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී අද ආරම්භ වුණා. සහයෝගිතා සූදානම සහ පුහුණුව ලෙස නම් කර ඇති මෙම නාවික අභ්‍යාසය ලබන 26 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. නිදහස් ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යාම, කලාපීය ආරක්ෂක සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය හවුල්කාරිත්වය පවත්වාගෙන යාම සහ ශක්තිමක් කිරීම අරමුණු කරගනිමිනුයි දෙරට අතර පස්වන වරටත් මෙය පැවැත්වෙන්නේ.

තව කියවන්​න