- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට
Author: Dhanushka
රේගු නිලධාරින් පසුගියදා ආරම්භ කළ වර්ජයත් සමඟ බහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව බහාලුම් රථ රියදුරන් පවසනවා. ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය කඩිනම් කිරිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.
ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලියින් 19 දෙනෙකු එයින් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙකුද වන බව එරට පොලිසිය පවසනවා. බස්රථයක් බිහාර් සිට දිල්ලි දක්වා ධාවනය වෙමින් තිබියදී ලක්නව් ආග්‍රා අධිවේගී මාර්ගයේ පිටුපසින් පැමිණි කිරි ප්‍රවාහනය කළ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.
පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කරගනිමින් මොවුන් මෙම ජාවාරම සිදුකර ඇති අතර එම යාත්‍රාව ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බව සඳහන්ය පක්ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය දීර්ඝ කාලයක සිට සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සුරක්ෂා නෞකාව යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමකදී දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ මෙම බහුදින ධීවර යාත්‍රාව පරීක්ෂාවට ලක් කර තිබේ
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 66 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 8 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 35 න් 28 කට ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
නාඳුනන කාන්තා මළ සිරුරක් කලවංචිකුඩිල කුරුක්කල්මඩම් ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන ඇත. කලවංචිකුඩි පොලීසියට ලද තොරුතුරකට අනුව එම සිරුර සොයාගෙන තිබේ. මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 05යි අඟල් 04ක් පමණ වන කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි.
මේ වනවිට රටපුරා සෑම දිස්ත්‍රික්කයකම රිළවුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ ගොස් ඇතැයි එම ගොවීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි කර තිබෙනවා. පොල්, එළවළු, පලතුරු මෙන්ම වෙනත් සෑම බෝගයකටම පාහේ රිළවුන්ගෙන් සිදුවන හානිය නිසා වගාවන්ගෙන් ලබා ගත හැකි සමස්ත අස්වැන්න තමන්ට අහිමි වී ඇතැයි ගොවි ජනතාව අමාත්‍යවරයාට පවසා තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන්.
කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි.
නිවිතිගල, වටාපොත ප්‍රදේශයේ අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමු වී තිබෙනවා. නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසල තිබී එම සිරුර නිවිතගල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියක්.
2024 කෝපා ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද ආරම්භ වනවා. ඒ අනුව පළමු අවසන් පුර්ව වටයේ තරගය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ ආර්ජන්ටිනාව සහ කැනඩාව අතරයි. මේ අතර දෙවන අවසර් පුර්ව තරගය හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහිදී උරුගුවේ සහ කොලොම්බියාව තරග වැදීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















