- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Anura Premakumara
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් පාසල් සිසුන් වෙනුවෙන් කේම්බි්‍රජ් දේශගුණික ගවේෂණ ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලයේ හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව 8 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන පාසල් සිසුන්ට මෙම අවස්ථාව ලබා දීමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම කලාපීය උසස් අධ්‍යාපන ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ඕස්ටේරලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය විවිධ විෂය ක්ෂේත්‍රයන්හි උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සහ අධ්‍යයන ප්‍රවේශ වැඩසටහන් සඳහා අවස්ථාව සලසා දෙමින් සිය විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් මෙරට තුළ ආරම්භ කිරීමට ද නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව ව්‍යාපාරික විරංජිත් තාබුගල මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය හමුවේ පැය 03කට ආසන්න කාලයක් මෙම ප්‍රකාශය ලබාදී ඇති බව සඳහන්. මෙහි වැඩිදුර ප්‍රකාශ අද දිනයේ සිදු කිරීමට නියමිත බව ද වාර්තා වනවා.
වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ත අද සහ හෙට යන දෙදින තුළත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව අධ්‍යාපන අනධ්‍යන සේවකයන් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. වේ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගයත් සමග පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවීම සඳහා පාසල් ප්‍රජාව සමග එක්ව, පාසල්වල කටයුතු කළමනාකරණය කරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙසයි. මේ අතර යොදා ගත් ආකාරයෙන් හෙට දිනයේදී අසනීප නිවාඩු දමමින් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ගුරු – විදුහල්පතිවරුන්ගේ සංගමය…
මෙම සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 2,500කින් ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මඩකලපුව ප්‍රදේශයේ තරුණ පිරිස් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශයක් කරමිනුයි ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ. එහිදී පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක්වූ අතර ඔවුන් සිය ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබුවා.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී ඕසටේරලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. තරඟයේ මෙරට වේලාවෙන් පස්වරු 08ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මාස පහකට පමණ පසු ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාව ධීවරයන් හය දෙනා සමග සමග දික්ඕවිට ධීවර වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. පසුගිය ජනවාරි 17 වැනිදා එම ධීවර වරායෙන් අරාබි මුහුද බලා යාත්‍රා කළ මෙම යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වුණා. පසුව සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බළකාය විසින් ධීවරයන් හය දෙනා සමඟ මේ යාත්‍රා මුදා ගැණීමටයි කටයුතු කරනු ලැබුවේ.
රුසියාවේ උතුරු කොකේසස් ජනරජයේ ඩැගෙස්තාන් හී පිහිටි පල්ලි ඇතුලු ස්ථාන කිහිපයකට ගිනිඅවි රැගත් පුද්ගලයන් පිරිසක් වෙඩි තැබීම් සිදු කර තිබෙනවා. එම ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් 07 දෙනෙකු, පූජකවරයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ප්‍රහාරය එල්ල කළ පිරිස හඳුනාගෙන නොමැති අතර, ඩැගෙස්තානය මීට පෙර ඉස්ලාම්වාදී ප්‍රහාර එල්ල වූ ස්ථානයක් ලෙස ප්‍රචලිතව පවතිනවා.
අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අද සහ හෙට දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. මෙම සේවක සංගමය වැඩ වර්ජනයේ නිරත වන්නේ, අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලමින්. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආයුර්වේද වෛදවරුන් අද සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම පවතින ගැටලුවලට අද දිනයේදී විසඳුම් නොලැබෙන්නේ නම් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට අයත් නිලධාරීන් මහ රජයේ විධායක මට්ටහේ නිලධාරීන් හෙට සහ අනිද්දා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා…
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජන අයිතියට පත්කිරීම අද සිදු කිරීමට නියමිතයි. ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් . විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ඉල්ලීම පරිදි, මොණරාගල දිස්ත්‍රික්කයේ විගමණික ප්‍රජාව ඇතුළු මහජනතාවට කාර්යාංශයේ සේවාවන් ලබාදීම සඳහා මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට තීරණය කර තිබෙනවා. මොණරාගල, බිබිල පාර, හුලංදාව යන ලිපිනයේ මෙම නව මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇති අතර, විදේශ රැකියා සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම, විදේශ රැකියා සඳහා පැමිණිලි භාරගැනීම, සුභසාධන පහසුකම් සැලසීම, විදේශ රැකියා පුහුණුව, විදේශීය භාෂා පාඨමාලාවන් ඇතුළු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් කෙරෙන බොහෝ සේවාවන් මෙම නව මධ්‍යස්ථානය මගින් සලසා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222