- ප්‍රංශයේ පිහි ඇනුම ත්‍රස්තවාදී ක්‍රියාවක් – ජනපති මැක්රෝන් කියයි
- ශූරයන්ගේ කුසලානයේ දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත හඹායාමක්
- බස් නැවතුමේ රැඳී සිටි මගියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්
- අමෙරිකාවේ ප්‍රදේශ රැසක සරම්ප පැතිරීම ඉහළට
- සංජීව ඝාතනයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
- ගිනිඅවි සමග කාන්තාවක් අත්අඩංගුවට
- පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ මට්ටමකට
- තේ කර්මාන්තය නගා සිටුවීමට රජයෙන් පියවර රැසක්
Author: Anura Premakumara
උද්දමනය ඉදිරි සතිය තුළ තවදුරටත් පහළ යනු ඇති බව මහ බැංකුව පවසනවා. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මෙම මස අවසන් වන විට උද්මනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇති බවයි. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. නව මහ බැංකු පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම තුළයින් එය නීතියක් බවට පත්ව ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ. මේ අතර මහ බැංකු පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අදාළ විවාදයට එක්වෙමින් ඊයේ පාර්ලිමේන්තුමේදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පලකළා.
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් කොට ඊ-18 පෝරමය යටතේ නිකුත් කළ මරණ සහතිකය වෙනුවට නව මරණ සහතිකය තුළ මරණයට හේතුපාදක වූ කරුණු හතරක් යටතේ කරුණු 24 ක් එහි අඩංගු කිරීමට නියමිත බවයි සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ. රෝගියාට ලබා දුන් වෛද්‍යමය තොරතුරු, රෝගියා පිළිබඳ විස්තර, ඥාතීන් පිළිබඳ විස්තරද ඒ අතර ඇතුලත් වන අතර එය අන්තර්ජාතික නිර්නායකයන්ට අනුකූලව සකස් කරන ලද මරණ සහතිකයක් වීම විශේෂත්වයක් බවටයි එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගෙන තිබෙනවා. පසුගිය 19 වනදා සිට තම බිරිඳ සහ දරුවා අතුරුදන් බවට ඇයගේ සැමියා පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ අනුව පොලිසිය විමර්ශන කටයුතු සිදු කර ඇති අතර පොලිස් සුනඛයන් යොදා සිදු කළ පරීක්ෂණයේදී අතුරුදන් වූ කාන්තාවගේ ළඟම ඥාතියකුට අයත් ත්‍රිරෝද රථයක් අසල සුනඛයා ගොස් නතර වී ඇති අතර ප්‍රශ්න කිරීම සඳහා ඔහු පොලිස් භාරයට ගෙන තිබුණා. ඒ අනුවයි පොලිසිය විසින් අතුරුදන් වූ දෙදෙනා පිළිබද වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ. මෙසේ මියගොස් ඇත්තේ 24 හැවිරිදි මවක් සහ මාස 11 ක් වයසැති ඇගේ දියණිය බවයි පොලිසිය පවසන්නේ.…
අද දිනයේදිත් පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට කතානායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මේ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10 දක්වා කාලය වෙන් කර තිබුණේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නය සදහායි. ඉන් අනතුරුව 10.30 සිට පස්වරු 5 දක්වා බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති. මීට අමතරව පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න විමසීම සදහා වෙන් කර තිබෙනවා. මේ අතර අද දින සභාවේ කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ උත්තර සභාගය පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ව්‍යාපාර කමිටුවට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.…
බදු වැඩි කිරීමට එරෙහිව කෙන්යාවේ විපක්ෂයේ විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරකට හැරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ හේතුවෙන් නයිරෝබි අගනුවර සහ මොම්බසා නුවර පාසල් වසා දැමීමට රජය පියවර ගෙන ඇති බව සඳහන්. පසුගිය මාසයේදී කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝගේ රජය බදු වැඩි කිරීම් හඳුන්වා දීමෙන් පසු ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව එරට විපක්ෂය විරෝධතා රැලි ගණනාවක් සංවිධාන කර තිබුණා. අදාළ විරෝධතා සදහා පොලිසිය මැදිහත් වීම හේතුවෙන් ඉන් වැඩි ප්‍රමාණයක් ප්‍රචණ්ඩකාරී ස්වරූපයකට හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර විශාල වශයෙන් එල්ල වීමෙන් පසු පොලිස් නිලධාරීන්ට පහර දීම් සිදුවී ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් පොලිසිය කළ වෙඩි තැබීම්වලින්…
මොණරාගල ප්‍රදේශයෙන් සුළු භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. එය රික්ටර් මාපකයේ 2.6 ක අගයක් ගන්නා බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත් ඒ පිළිබඳ අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි එම කාර්යාංශය පැවසුවේ.
ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ භූ චලනයක් සිදුව තිබෙනවා. අද අලුයම රික්ටර් මාපකයේ ඒකක 3.5 ක් ලෙස මෙම භූ චලනය සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි පිළිබද තොරතුරු වාර්තා වී නැහැ. මෙම භූ චලනය සිදු වීමට පැයකට පමණ පෙර තවත් කුඩා භූ චලන 3 ක් රාජස්ථාන ප්‍රාන්තයේ ජායිපූර් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන අජිත් දොවාල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. අද පෙරවරුවේ දිල්ලි නුවරදී මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ. එමෙන්ම මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ බහුවිධ ව්‍යාපෘති ගවේෂණය කිරීම සදහා ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හමු වී ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි ඉන්දියාවේ සංචාරයක් සදහා පිටත්ව ගියේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු මගහරවා ගැනීමට නම් එය පද්ධතියක් ලෙස කළමණාකරණය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා කියා සිටියේ අදාළ ගැටළු මගහරවා ගැනීමට වෙනත් ක්‍රමවේදයක් නොමැති බවයි. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු පිළිබද ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා ද ඊයේ අදහස් පලකළා. ඔහු කියා සිටියේ අමාත්‍යවරුන්ට විස්වාභංග ගෙන ඒම තුළින් පමණක් පවතින ගැටළුවලට විසදුම් නොලැබෙන බවයි.
මැතිවරණයක් සදහා ආදේශයක් ලෙස ජනමත විචාරයක් පැවැත්වීම සුදුසු නොවන බව හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. හොරණ ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. මැතිවරණයක් පැවැත්වීමකින් තොරව ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කර ගැනීමට ජනමත විචාරනයක් පැවැත්ම සුදුසු නොවන බවයි මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222