Author: Anura Premakumara

අකුරේගොඩදී අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයන් 11 දෙනා දිවයිනෙන් පිටුවහල් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අදාළ සැකකරුවන් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(07) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එසේම අධිකරණ තීන්දු ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ රුපියල් ලක්ෂය බැගින් වූ දඩ මුදලක්ද සැකකරුවන්ට පනවන බවයි. අත්අඩංගුවවට ගැනුණු ඉන්දියානුවන් පිරිස අතර කාන්තාවන් තිදෙනෙක්ද වනවා. ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අකුරේගොඩ ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදී ඔන්ලයින් සූදු ක්‍රීඩාවේ නිරත වූ බවට වන චෝදනාව මත අදාළ සැකකරුවන් පිරිස පසුගිය හතර වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

මැදවච්චිය, කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ සිදුවූ වල් අලියෙකු පහර දීමකින් ගොවි මහතෙකු මියගොස් ඇති බව පූනෑව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ අංක 137/1,BOP 400, පුලස්තිගම පොලොන්නරුව ලිපිනයේ ස්ථිර පදිංචි, මැදවච්චිය, කුඩාහල්මිල්ලෑව, පූනෑව, ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව ගොවිතැන් කටයුතු කළ ජයසේකරගේ මුණසිංහ නැමැති 69 හැවිරිදි විශ්‍රාමික පොලිස් පරික්ෂක වරයෙකි. මෙම පුද්ගලයා කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට රාත්‍රි ආහාර ලබා ගෙන 07.30ට පමණ තම බඩ ඉරුගු වගා කර ඇති ඉඩමේ පැල් රැකිම සදහා නිවසෙන් පැමිණ තිබනෙවා. අනතුරුව ඔහු ගොස් විනාඩි 05 කට පමණ පසුව වල් අලියකු ඵකවර කැගසන ශබිදය ඇසුන බවත් පසුව මරණකරුගේ ජංගම දුරකථනය වෙත ඇමතුමක් ලබා ගත් බවත් ඇමතුම සදහා ප්‍රතිචාර නොලබිම නිසා…

තව කියවන්​න

නුවරඑලිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සහ නගරයට පැමිණෙන වාහනවලට අවහිරවන සේ අයාලේ සැරි සරණ පෝනියන් අල්ලා ගාල් කිරිමට පියවර ගත් බව නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසනවා. නුවරඑලිය තුරග තරග පිටිය අවට සහ දෙස් විදෙස් සංචාරකයන් ගැවසෙන ස්ථානවල පෝනියන්ගේ අයිතිකරුවන් සිටින බවත්, එම පෝනියන්ගේ පිට මත සංචාරකයන් රැගෙන ගොස් අයිතිකරුවන් ආදායමක් පමණක් ලබා ගෙන සතුන්ට රැකලබා ගැනීමක් සිදු නොකරන බවයි නගරාධිපතිවරයා කියා සිටියේ. පෝනියන් නගරය පුරා සැරිසරමින් ආපන ශාලාවලින් සහ සංචාරකයින් විසින් ලබාදෙන ආහාර අනුභව කරන බවත්, ඊට අමතරව එම සතුන් තුරග තරග පිටිය සහ නගර සභාව අවට නිදැල්ලෙ සැරිසරමින් තෘණ ආහාරයට ගන්නා බවයි නගරාධිපතිවරයා පවසන්නේ.…

තව කියවන්​න

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල්වාරය අදින් අවසන් වනවා. ඒ අනුව එම පාසල් සඳහා තෙවන පාසල් වාරය අගෝස්තු මස 18 වන සඳුදා දිනයේදී ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයේ නිවේදනයට අනුව මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරය අගෝස්තු මස 19 වනදා අවසන් වන අතර තෙවන පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ අගෝස්තු මස 25 වනදායි.

තව කියවන්​න

2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි. එමෙන්ම, මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා 2025 අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වු අයදුම්කරුවන්ට 2025.08.07 දින සිට 2025.08.12 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය…

තව කියවන්​න

නිවසක් මතට කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කරමින් සිටියදී තවත් පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ(06) දිනයේ අනතුරට ලක්ව රෝහල් ගත කළ පුද්ගලයන්ගෙන් එක්අයෙක් දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවුණු බවත් අනෙක් සිව්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් පවසනවා. මස්කෙළිය, සාමිමලේ මාර්ගයේ බනියම් පාලම අසල නිවසකට කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මතට මෙලෙස තවත් පස් කන්දක් කඩා වැටී තිබෙනවා. ඊට යට වී සිටි පිරිස වහා මුදාගෙන රෝහල් ගත කිරීමට අවට පදිංචිකරුවන් ඊයේ(06)සමත්වූ බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ. මස්කෙළිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වැසිත් සමග පසුගිය පස් වනදා පස් කන්දක් කඩාවැටුණු බවත් එම…

තව කියවන්​න

හැටන් කොටගල මේෆීල්ඩ් වතු යායේ වතු කම්කරුවන් වතු පාලන අධිකාරිවරයාට එරෙහිව ඊයේ(06) වතු කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබෙනවා. එම වතුයායේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන නායකයෙකුගේ (තලවර්) වත්තේ වැඩ තහනම් කරමින් එම තලවර්වරයාට වතු අධිකාරිවරයා බැන වැදුනේ යැයි කියන සිද්ධියක් පනදම් කරගනිමින් එම වත්තේ වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව වැඩවර්ජනය කරමින් වතු කාර්යාලය ඉදිරපිට විරෝධතාවයේ නියැලී තිබෙනවා. වැඩවර්ජනය කරමින් විරෝධතාවයේ නියැලීසිටි වතු කම්කරුවන් මෙලෙස කියා සිටියා. “තම වතු යායේ සේවය කරන වතු කම්කරුවන්ගේ ගැටලු වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා කිරීමට සිටින කෙනා තමයි තලවර් කියන්නේ. ඒ තලවර්ගේ වත්තේවැඩ තහනම් කරලා. හේතු අපි දන්නේ නෑ. අපේ වත්තේ හිටපු කිසිදු පාලකයෙක්…

තව කියවන්​න

මත්පෙති සහ මත්ද්‍රව්‍ය පුද්ගලයන්ට ඉතා සූක්‍ෂ්ම ලෙස ලබාදී ඔහු සන්තකයේ තිබෙන මුදල් සහ ස්වර්ණාභරණ සොරාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් නාවලපිටිය පොලිසිය විසින් අත්ඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි සැකකරුවෙකි. ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත නාවලපිටිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල මත්පැන් අලෙවි සැල්වලට ගොස් එහිදී එම මත්පැන් අලෙවිහලෙන් මත්පැන් ලබාගැනීමට පැමිණෙන ඇතැමුන් සමග මිත්‍රකමක් ගොඩනගාගෙන සැකකරුගේ වියදමින් මත්පැන් ලබාදී එම මත්පැන්වලට ඉතා සූක්‍ෂ්ම ලෙස සැකකරු…

තව කියවන්​න

සිය නිවස පිටුපස සූදූ පොලක් පවත්වාගෙන ගිය ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගිජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන ඉපලෝගම පුංචිකුලම පදිංචි අජන්ත බියගම නම් පුද්ගලයෙකි. අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් 14 දෙනෙක් සූදූ කෙළිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ. අත්අඩංගුවට ගැනුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස වැඩිදුර පරීක්‍ෂාවේදී නිවසේ අධිශීතකරණයක් තුළ තිබූ දඩමස් කිලෝ හතක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන්, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් නිල සුනඛයින් යොදා ගනිමින්, ඉපලෝගම පොලීසිය…

තව කියවන්​න

මහරගම, නාවින්න ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(06) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් පුද්ලයෙක් තුවාල ලබා ඇති බවත් එම පුද්ගලයෙකු ප්‍රතිකාර සහා රෝහල් ගත කෙරුණු බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා. ස්කූටරයකින් පැමිණි නාඳුනන පුද්ගලයකු හෝ දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න