- බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
- හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
Author: Anura Premakumara
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් අද සිට කැදවීමට නියමිතයි. එය ලබන 18 වැනිදා දක්වා සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ . අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 01 වනදා නිකුත් කෙරුනා . මෙවර විභාගයට සිසුන් හාර ලක්ෂ 72 දහස් 553 ක් පෙනී සිටියා.
ප්‍රකාශයක් ලබා දීම සදහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද දින යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේව මෙහෙයකදී ආගමික අසමගිය ඇති කිරීමේ චෝදනාව යටතේ ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි අධිකරණය මොහුට නියෝග කරනු ලැබුවේ. බුදුදහමට අපහස වන අයුරුන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගියදා දිවයිනට පැමිණියා. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පාර්ශ්ව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණා. අනතුරුව දේවගැතිවරයා ඉදිරිපත් කළ පෙත්සමකට අනුව අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට නොගන්නා ලෙසයි.
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ “ප්‍රජාව බලගන්වමු – ඒඩ්ස් වලකමු” යන්නයි. වසරේ මුල් මාස 10 තුළ මෙරටින් එච් අයි වී ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගත් බව එඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝග ඒකකය පවසනවා. 1981 වසරේදී ලොස් ඇන්ජලිස් නුවර රෝහලකින් පළමුවරට එච් අයි වී ආසාදිතයෙකු හදුනාගත් අතර එතැන් සිට එය ලොව බරපතල අවදානමක් සහිත රෝගයක් බවට නම් කෙරුණා. ලෝකය පුරා මිලියන 39 ක් එච් අයි වී ආසාදිතයින් බවට පත් වී ඇති අතර පසුගිය වසරේ පමණක් මිලියන 1.3 ක් නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. මේ පිළිබදව අද දින වී එෆ් එම් කතා මිනිස්ටි්‍රය වැඩසටහනට…
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම නැගෙනහිර පළාතෙත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර100 ක පමණ තද වැසි ද ඇති විය හැකි බව ද සදහන්. දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක පමණ…
2022 – 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4 වන දා සිටි 18 වන දා දක්වා සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ. එමෙන්ම දේශීය සහ විදේශීය භාවිතය සදහා සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්‍ර අද දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරිමට අවස්ථාව සලසා තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් අනතුරුව නිකුත් කරන බවයි. මේ අතර 2022 අධ්‍යයන පොදු…
ප්‍රකාශයක් ලබාදීමෙන් පසු දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද (30) පස්වරුවේ ඉන් පිටව ගොස් තිබෙනවා. දේවගැතිවරයාගෙන් අද පෙරවරුවේ සිට පැය 08ක ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළවයි. අභියාචනාධීකරණය පසුගියදා ඔහුට නියෝග කර තිබුණේ දිවයිනට පැමිණීමෙන් පසු පැය 48ක කාලයක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවටයි. එම නියෝගයට අනුව දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ අදාළ ප්‍රකාශය ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතවින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බවත් ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ හේතුවෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් සියයක පමණ තද වැසි ද ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. දිවයිනේ සෙස පළාත්වල පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. නව කැලණි පාලම තාවකාලිකව වසා දැමීම අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතයි. අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් සිදුකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය නිවේදනය කරන්නේ. එහි පළමු අදියර යටතේ දෙසැම්බර් මස 01 වැනිදා පස්වරු 9 සිට 04 වනදා පෙරවරු 6 දක්වාත් දෙවන අදියර යටතේ දෙසැම්බර් මස 8 වැනිදා පස්වරු 9 සිට 11 වනදා පෙරවරු 6 දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබීමට නියමිතයි. එසේම තුන් වන අදියර යටතේ දෙසැම්බර් 15 වනදා පස්වරු 9 සිට 18 වනදා පෙරවරු 6 දක්වා නව කැලණි පාලම තාවකාලිකව වසා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබනෙවා. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහායි. එම සමුළුව අද(30) දින සිට දෙසැම්බර් මස 12 වනදා දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන් සහභාගිවීමට නියමිතයි. ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවටද වාර්තාවනවා. ඒ අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා 03ක්.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත අද (29) පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් භාරදෙනු ලැබුුුවා. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදීම සිදුකර තිබෙනවා. අදාල රුපියල් බිලියන 7ක මුදලින් මිට පෙර රුපියල් බිලියන 3 මුදලක් ජනාධිපතිවරයාට ලබාදුන් අතර එම අවස්ථාවේදීම මහරගම අපෙක්ෂා රෝහලට ඖෂද මිලදී…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222