Author: accioAdmin

තවත් ගල්අගුරු නෞකාවක් අද දිවයිනට පැමිණෙන බව ලංකා ගල් අගුරු සමාගම පවසනවා. එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසුවේ ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ගල් අගුරු තොග මෙරටට රැගෙන විත් ඇති බවයි. ඒ හේතුවෙන් කිසිදු ගැටලුවකින් තොරව නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කළ හැකි බවයි ඔහු සදහන් කළේ.

තව කියවන්​න

කිලෝග්‍රෑම් 12 යි දශම 5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහළ දමන බව ලිට්රෝ සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ එම මිල සංශෝධනය හෙට දිනයේදී නිල වශයෙන් නිවේදනය කරන බවයි. මේ අතර ගෑස් මිල තවත් දින කිහිපයකින් පහළ දමන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබද උපදේශක සාගල රත්නායක මහතා පැවසුවා. ඔහු මේ බව සදහන් කළේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියේදියි.

තව කියවන්​න

ප්‍රංශයේ මැයි දිනයට සමගාමිව පැවති විරෝධතාවක් අතරතුර සිදු වූ ගැටුමකින් පොලිස් නිලධාරින් 108 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහිව මෙම විරෝධතාව පවත්වා තිබෙනවා. දින ගණනාවක් පුරා පැවති මෙම විරෝධතා ඊයේ දිනයේදී උත්සන්න වී තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. විරෝධතාවට එක්ව සිටි ජනතාව ආරක්ෂක අංශ වෙත පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාර ද එල්ල කර තිබෙනවා. එම නොසන්සුන්තාව අතරතුර පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සදහන්.

තව කියවන්​න

වෙසක් උත්සව සමයේ දන්සැල් පවත්වන්නේ නම් ළගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ගොස් ලියාපදිංචි වන ලෙස සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම ඉල්ලීමක් කරනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ දන්සැල් පවත්වන්නේ නම් සෞඛ්‍යාරක්ෂිත ආහාර ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.

තව කියවන්​න

කොවිඩ් ආසාදිතයින් යලි ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. පසුගිය දින කිහිපය තුළ දෛනිකව කොවිඩ් රෝගීන් 5 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා. එමෙන්ම කොවිච් ආසාදිත මරණ 2 ක් පසුගිය දින 3 ක කාලය තුළ සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පවතින තත්ත්වය හමුවේ අවධානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවා.

තව කියවන්​න

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග මෙම අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා.

තව කියවන්​න

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. වර්ෂාව හේතුවෙන් අද දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 357ක් රැස්කරගෙන සිටියා. නිෂාන් මදුෂ්ක අද සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා. දිනය නිමා වන විට නිෂාන් මදුෂ්ක ලකුණු 149ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 83ක් ලබා නොදැවී ක්‍රිඩා කරමින් සිටියා. අයර්ලන්ත පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 492යි. ශ්‍රී ලංකාව අයර්ලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 135ක් පිටුපසින් පසුවනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ හෙට සිව්වන දිනය හෙටයි.

තව කියවන්​න

පාසල් ළමුන්ගේ සපත්තු සහ බෑග් මිල පහත වැටී තිබෙනවා. ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. එම සාකච්ඡාව සඳහා පාසල් බෑග් නිෂ්පාදකයන් සහ සපත්තු නිෂ්පාදකයන් රැසක් සහභාගී වී තිබෙනවා. මැයි මස 23 වැනිදායින් පසු රුපියල් 500ත් 1000ත් අතර මිලකින් එම උපකරණ අඩු කිරීමට එම නිෂ්පාදකයන් එකගතාවය පළකර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙහි දී රාජ්‍ය ඇමැතිවරයා නිෂ්පාදකයන්ට පවසා සිටියේ ඩොලරයේ අගය අඩු වී තිබෙන බැවින් පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදනවලට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩු වී තිබීම හේතුවෙන් එහි වාසිය පාසල් ළමුන්ට ලබා දෙන ලෙසයි.

තව කියවන්​න

විදේශ බැංකු මූල්‍ය ආයතනවල විශ්වාසය දැනටමත් ලබා ගෙන ඇති බව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 2022 ජූලි මාසයේ දී ඇති වූ නොසන්සුන්තාවයෙන් මාස 8 කට පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගෙමින් තිබෙන බවයි අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සදහන් කළේ. එමෙන්ම රට ගොඩනැගීමේ ප්‍රයත්නයට එක් වන ලෙස මුලු රටෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු අවධාරනය කළා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම් මාස 6 කට වතාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එම කණ්ඩායම් සමග විපක්ෂයේ අයට ද සාකච්ඡා කළ හැකි බවත් ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රජය විසින් රාජ්‍ය සම්පත් සියල්ල විදෙස් රටවලට අලෙවි කරමින්…

තව කියවන්​න

උද්ධමනය පාලනය කිරීමට සදහා බැංකු පොලි අනුපාතය වැඩි කීරිමට සිදු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී.

තව කියවන්​න