- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: accioAdmin
දුම්කොළ භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 50ක් මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා. මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසන්නේ මෙරට මරණ අතරින් සියයට 83ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවයි. එමෙන්ම බෝ නොවන රෝග ඇති කරන ප්‍රධාන සාධක හතරෙන් දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් වන බවයි ඒ මහතා සඳහන් කලේ. ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් භාවිතයට රුපියල් මිලියන 520ක් වියදම් කරන බව ද ඒ මහතා සඳහන් කලා. වැඩිදුරටත් අදහස දක්වමින් ඒ මහතා සඳහන් කලේ මෙරට අඩු වෙමින් පවතින සිගරට් භාවිතය තවදුරටත් අඩු කිරීමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ වෙනස්කම් කිහිපයක්…
වසර 2ක කාලයක් තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159ක් විදේශගතව තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කලේ එම පිරිසෙන් ඉංජිනේරුවන් 105ක් සේවයෙන් ඉවත්ව ද, තවත් 54ක් නිල නිවාඩු ලබා ද විදේශගතව ඇති බවයි. රට තුළ පවතින ආර්ථික පසුබෑම සහ ඉහළ බදු මෙම තත්වයට ප්‍රධානතම හේතුව බවයි ඒ මහතා පවසන්නේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ පුරප්පාඩු ඉහළ යාම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරනවා. එම ගැටලුව තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ. එය අධිකරණය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සැළකිය යුතු බාධා එල්ල කරන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පසුගියදා විශ්‍රාම යෑමත් සමග ගැටලුව තවත් උග්‍ර වී ඇති බව සඳහන්. එබැවින් උපරිමාධිකරණවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
හිටපු සෞඛ්‍ය ඇමතිවරු 7 දෙනෙකුගේ වත්කම් බැරකම් පිළිබඳව විගණනයක් කොට ඒ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගන්නා ලෙස අල්ලස සහ නාස්තියට එරෙහි ජාතික ව්‍යාපාරය සිවිල් සංවිධාන ඉල්ලීමක් කර තිබෙනවා. අල්ලස සහ නාස්තියට එරෙහි ජාතික ව්‍යාපාරය සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් අංශයෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමතිවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, මෛත්‍රීපාල සිරිසේන, පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන, කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්ම මහත්මීන් උපයාගත් වත්කම් බැරකම් පිළිබඳව පූර්ණ විගණනයක් කරන ලෙස ඉල්ලා තිබෙනවා.
එළඹෙන මැතිවරණයන්හිදී තම සහයෝගය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව වරාය හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ පවතී තත්වයෙන් රට ගොඩගනු ලැබුවේ වත්මන් ජනාධිපතිවරයා බවයි.
විදෙස් ගත වීමේ තීරණය පසෙක ලා ඉදිරි මාස කිහිපයද කෙසේ හෝ මෙරට තුල රැඳී සිටින්නැයි ජාතික ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම පක්ෂයේ විධායක කාරක සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ නියමිත කාලයේදී ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණය පැවැත්වීම අනිවාර්ය බවයි. එබැවින් ඉදිරියේදී ඇති වන නව දේශපාලන තත්වය දැක බලා ගැනීමට ජනතාව මෙරට සිටිය යුතු බවයි ඒ මහතා සඳහන් කලේ.
සීදූව මුතුවාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පලුගොල්ලාගම මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තාවන්නේ. අදාල කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් ඇයගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී පොලීසියට අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ද සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සීදූව පොලීසිය විමර්ශන සිදු කරනු ලබනවා.
ආහාර අසාත්මිකතාවක් හේතුවෙන් පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. පාසලෙන් ලබා දුන් දහවල් ආහාරයෙන් පසුව ක්ලාන්ත වීම හේතුවෙන් මෙම සිසුන් පිරිස පස්සර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. මෙම සිසුන් අතර සිසුන් හයදෙනෙකු සහ සිසුවියන් තිදෙනකු සිට්න බවත් , ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහලේ ප්‍රකාශයකු සඳහන් කලා.
මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු මන්නාරම ආමප්ඩහෛයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කලේ සැකකරුවන් සතුව තිබී මත්පෙති 14,000ක් ද සිය භාරයට ගත් බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම මුදලාවට්ටම්, අංක 01 කොටස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්පෙති අලෙවි කර ඇති බව අනාවරණ වී තිබෙනවා.
අම්පාර පෙරියනිලාවේලි ප්‍රදේශයේ පියකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර තමන්ද සියදිවි නසා ගැනීමට තැත්කර තිබෙනවා. සියදිවි නසා ගැනීමට තැත්කළ පියා ප්‍රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ. සිය පියා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 29ක් වයසැති පුත්‍රයා සහ 15 හැවිරිදි දියණියයි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඝාතනයට ලක්වූ දරුවන් දෙදෙනා කථන අපහසුතාවයෙන් පෙළුණු බවටයි වාර්තාවී ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222